mawarale-bhaddiya-speaks-katina

පූජ්‍ය මාවරලේ භද්දිය හිමි පසුගියදා පැවැත්වූ අනුශාසනාවකදී වර්තමාන කඨින පිංකම වාණිජකරණය වීම නිසා අත්ව ඇති විනාසකාරී තත්වය පැහැදිලි කරමින් අදහස් දැක්වූ අතර එහි උපුටනයක් මේ සමග පළවේ.


“වර්තමාන කඨින පින්කම් දිහා බලලා බොහෝ ගිහියෝ ඇතිවෙලා තියන අසතුට කතා කරනවා.
මොකද්දෝ අවුලක් පෙනෙමින් තියෙන නිසා පැවිදි භික්ෂූන් වහන්සේලා වන අප  අනිවාර්යෙන්ම පිළිගන්නවා වරදක් වන බව ඒක නිවැරදි කරන්න අපි මැදිහත් වෙන්න ඕන.
මොකක්ද මේ කඨින චීවර පූජා ?මේ කඨින චීවර පූජාව ශාස්තෘ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් ආර්ය මහා සංඝයා කෙරෙහි ගෞරවයෙන් කරන උතුම් පින්කමක් බවට පත් කරගන්ට දැන් අපිට මැදිහත්වීමක් බරපතල ලෙස කරන්න කාලය ඇවිත්.
මේ වඩම්මන් එනකොට හේවිසි ගහන මල්ලිලා ටිකක් හම්බු වුණා මං ඒගොල්ලන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරා අනේ සමා වෙලා ඔය නලාවෙන් සිංදු නං ගහන්න එපා කියලා.


එක දවසක්  යනකොට නලාවෙන් ගහනවා ‘හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා‘ එදා මගේ කකුල්  දෙක පණ නැතුව ගියා. මේ යකා මට කියන්නේ හරකා කියලද ගොනා කියලද?
සහතික ඇත්ත මේ මිනිහට තේරුමක් නෑ. ධාතු කරඬුව ඉස්සරහින් යනවා. ඒ පිටිපස්සෙන් හාමුදුරුවරු මුතු කුඩ යටින් වඩම්මනවා. නළාව ගහන එකා වාදනය කරනව හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරග ටා.‍
බලන්ඩ එතන මොකක්ද? ශාස්තෘ ගෞරවය.
එතන මොකක්ද? ධර්ම ගෞරවය එතන මොකක්ද ආර්ය මහා සඟ ගෞරව.
තාලය අල්ල ගෙන බෙර ගහන මල්ලිලත් දෙකට නෑමිල ගහනවා ඉතින් එක එක විදිහට ගහනවා.
ගහලා තමන් උපරිම වැඩ කරුවන් බව පෙන්වනවා. ඊට පස්සේ ඒකේ පොඩි කට් එකක් කපලා ආ ෆේස්බුක් දානවා.
මේවා දිහා බලන් ඉන්නකොට අපිට අපි ගැන විශාල පසුතැවීමක් අති විශාල කලකිරීමක්.
අද කඨින චීවරය වඩම්මන පෙරහැර අනවශ්ය දේවල් වලින් පිරුණු එකක් බවට පත්වෙලා මේක අපි නවත්තන්න ඕන.
මේකට  පපරෙ ඩී ජේ කාවඩි ඕන නෑ.
අද අපිට පේනවා මේවා මෙහෙම ගියොත්. මේ උතුම් පිංකම පිරිහිලා ම මිනිස්සුන්ට එපා වෙලාම යනව  නැතිව යනවා.
මේක කවුරුත් ආණ්ඩුවේ නීති ගෙනල්ලා කඨින පෙරහැරේ ප්රමිතිය මේකයි කියල එකක් එහෙම බෑනෙ නේද දන්සල්වලට නම් එහෙම ප්රමිතියක් කවුද පීඑච්අයි මහත්තයා දෙනවා.
කඨින පෙරහරට ප්රමිති දෙන්න එහෙම ප්රමිති ආයතනයක් නෑනෙ.
දැන් මේවා අපි හදාගන්න ඕන සංවාද කරලනේ.




අවුරුද්දෙන් අවුරුද්දට මේක ඇතුළේ විශාල නරක වල් නිර්මාණය වෙනවා. අපි මේ උතුම් පිංකම ගැන ගෞරවයක් නැති වෙනවා.
අපේ මිත්රයෙක් කතා කරලා ඇහුවා. පැය විසිහතරක් කඨින සිවුර ගෙදර තියා ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ලක්ෂයක් දෙන්න ඕන කියලා.ලැජ්ජ නැද්ද? මොකද්ද මේ?
මොකක්ද ඒක? ගෙවල් දහයකට කඨින සිවුර යවල ලක්ෂ ලක්ෂ හොයන්න.
මොකටද? අපි එච්චර පහත් තත්වයට වැටිලද?
පන්සලට ආධාරයක් කවුරුහරි ගෙනවිත් දෙනවා නම් පන්සලේ චෛත්ය හුණු ටික ගාල දෙනවානම් බෝ ගහේ බෝධි ප්රාකාරය හුණු පිරියම් කරන එක වෙනම කතන්දරයක් නේ.
හැබැයි මේ සිවුර අරගෙන ගිහිල්ලා ගෙදර තියාගෙන ඒකට ලක්ෂයක් ගෙවලා. බිස්නස් එකක්ද මේක?
මට තේරෙන්නේ නෑ. මොකක්ද මේ කරන්න යන්නෙ.
ඇයි අපි එච්චර පහත් තත්වෙට මේ උදාර පින්කමක් ඇදල දාන්නෙ. ඔය ඇත්තන්ට කවුරුහරි එහෙම කතා කරලා කිව්වොත් ඒ කතා කරලා කියන කෙනා ගිහියෙක් වුණත් කමක් නෑ. පැවිදි කෙනෙක් වුණත් කමක් නෑ කියන්ඩ. අනේ අපිට නම් ඒ වගේ බිස්නස් එකට සම්බන්ධ වෙන්න ඕන නෑ කියල කොන්ද කෙළින් තියාගෙන කියන්න.

මේක අමුතු රැල්ලක් බහුතරයක් හාමුදුරුවන්ගේ ව්යාපාරයක් විය යුතු දෙයක් නෙමෙයි . හැබැයි ඉතාම අනුවණ වැඩ කරන සුළු පිරිසක් නිසා සමාජ ගතවෙමින් මේක අනිත් අයටත් ටික ටික බෝ වෙනව.
බෝ වෙන මේක වෙන්න බෑ. ඒක නම් ඉතින් වෙනස් විය යුතුමයි නේද? කැමති වුණත් අකමැති වුණත් වෙනස් විය යුතුමයි.
මැච් බලන අයට මේ කතාව හොඳටම තේරෙනවා. මොකක්ද අනාගතේ පින්කම් වලට වෙන්නෙ කියලා.

කොන්දක් තියෙන හාමුදුරුවෝ ඉන්නවා. මේවට කැමති නෑ. මේ වෙන වැඩේ ගැන පුදුම කලකිරීමකින් ඉන්නේ.
අසතුටකින් ඉන්නෙ. මෙහෙම ගියොත් අපි ඉවරයි කියන එක මම කියන්න කැමතියි.
මෙහෙම ගියොත් කටිනෙට වෙන්නෙත් ශ්රී ලංකා ක්රිකට් වලට වෙච්ච දේ ම.
මං අද කිව්වා කියලා ලියලා තියාගන්න ලියලා තියාගන්න.
ශ්රී ලංකා ක්රිකට් ඉවර වුණෙත් මේ වගේම අනවශ්ය තරම් වාණිජ  වැඩක් බවට වෙළඳ වැඩක් බවට සූදු කාරයින්ගෙ වැඩක් බවට ගේම් කාරයන්ගේ වැඩක් බවට පත් කරලා ඒ ගොල්ලොන්ට වෙනම රැකවරණයක්. ඒක ඇතුලේ හොයාගන්න ඒගොල්ලන්ගේ සුරපුර ජීවිතය හදාගන්න මේක පාවිච්චි කරන්න ගියා. ක්රිකට් ඉවරවුනා. ඒකම කඨින ටත් වෙනබව. මෙහෙම ගියොත් මේක වෙනස් නොකළොත්.
ඒකම කඨින ටත් වෙන බව මතක තියාගන්න. “