melborne-school-protest-israel

"නිදහස් පලස්තීනය" යන තේමාව යටතේ , ගාසා තීරයේ යුද්ධය වහා අවසන් කරන ලෙසත්, ඊශ්‍රායලයට ලබාදෙන හමුදා ආධාර නතර කරන ලෙසත් ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියාවේ  පාසල් සිසුන් සියගණනක් උද්ඝෝෂණවල නිරතව ඇත.

බ්‍රහස්පතින්දා දිනයේ දී Melbourne CBD හි Flinders Street දුම්රිය ස්ථානය අසලට සිසුන් රැස්ව පලස්තීනය සඳහා පෙළ ගැසී සිටියහ. කාර්යබහුල Flinders සහ ස්වන්ස්ටන් වීදියේ වාහන ගමනාගමනයට බාධා වන අන්දමින් ඔවුන් මාර්ගය අවහිර කළේය.  
පසුව ඔවුහු ස්වන්ස්ටන් වීදිය ඔස්සේ මෙල්බර්න් නගරය වෙත ගොස් වාඩි වී සිටියෝය.

රැලියේ සමසංවිධායකයෙකු වන 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන Audra විරෝධතාකරුවන්ට පැවසුවේ , පලස්තීනය සමඟ දිගටම රැඳී සිටින ලෙසත් “අපි කතා කරන්නේ කුමක් ගැන  දැයි අප නොදන්නා බවට පවසන අපගේ විදුහල්පතිවරුන්ට සහ දේශපාලනඥයන්ට ප්‍රතික්ෂේප කරන ලෙසත්” ය.

පලස්තීන ධජයේ වර්ණවලින් යුත් යෝධ කොමඩු කොඩියක් සිසුන් විසින් එළිදක්වන ලදී. කොමඩු යනු පලස්තීන අනන්‍යතාවයේ සංකේතයකි.



දෙදරු මවක් වන Michelle Coleman මහත්මියද, Caulfield හී ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන ඇගේ දියණියන් දෙදෙනා වන Eva  සහ Dane,  සමඟ රැලියට සහභාගී විය. Eva  පැවසුවේ “ගාසාවේ සහ පලස්තීනයේ සිටින සෑම කෙනෙකුටම උදව් කිරීමට අවශ්‍ය” බවයි.

පලස්තීන සරණාගතයෙකුගේ දරුවෙකු වන Coleman පැවසුවේ තම දරුවන්ට ඔවුන්ගේ උරුමය ගැන ආඩම්බර වීමට අයිතියක් ඇති බවයි.
"මට අවශ්‍ය වන්නේ මගේ දරුවන් ඔවුන්ගේ අනන්‍යතාවය අවබෝධ කර ගැනීම සහ සියලු මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ යුතුය යන්න තේරුම් කර දීම" යැයි ඇය පැවසුවාය.

පැස්කෝ වේල් බාලිකා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෝරා පැවසුවේ “හරි දේ වෙනුවෙන් පෙනී සිටීමට”තමාට අවශ්‍ය බවයි.

16 හැවිරිදි ශිෂ්‍යයෙකු සහ පලස්තීනය සඳහා වන පාසල් වර්ජනයේ සම සංවිධායක අයිවි බර්ට්‍රම් පැවසුවේ ඊශ්‍රායල-හමාස් ගැටුම පිළිබඳව සියළු තොරතුරු පිළිබදව සිසුන් දැනුවත්ව සිටින බවයි.

“සම්පූර්ණ සටන් විරාමයක් සහ නිදහස් පලස්තීනයක් අවශ්‍ය බව පවසමින් අප යවන ලද පණිවිඩය පාර්ලිමේන්තුවට ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අපට අවශ්‍ය වන්නේ පලස්තීනයට යුක්තිය ඉටු කර දීමටයි ,” යනුවෙන් බර්ට්‍රම් පැවසීය.

ඇතැම් සිසුන් පලස්තීන ධජය අතැතිව සිටි අතර, තවත් පිරිසක් “ඊශ්‍රායලයේ ජන සංහාරය දැන්වත් නවත්වන්න” සහ “නිදහස් පලස්තීනය” යනුවෙන් සඳහන් පුවරු අල්ලාගෙන සිටියහ.



මෙම රැලියට 500 ක පමණ ජනතාවක් සහභාගීව සිටි බව වික්ටෝරියා පොලිසිය වාර්ථා කරයි.

සිඩ්නි, වොලොන්ගොන්ග් සහ බයිරන් බේ හි පලස්තීන ගැති පාසල් විසින් සිකුරාදා දිනයේ දී මෙම විරෝධතා රැළිය සැලසුම් කර ඇත.

Melbourne හී පැවැත්වුණ මෙම විරෝධතාවයට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් Victoria හි ජීවත් වන යුදෙව් ප්‍රජාව විසින් අගමැති Jacinta Allan සහ අධ්‍යාපන අමාත්‍ය Ben Carroll වෙත විවෘත ලිපියක් ඉදිරිපත් කර ඇත. මෙවැනි ක්‍රියා හේතුවෙන් යුදෙව් සිසුන් අතර භේදය උත්සන්න කර භීතිය වැඩි කරන බවද එම ලිපිය මගින් අනතුරු ඇඟවා ඇත.

පසුගිය සිකුරාදා දිනයේද, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ඉල්ලමින් රට පුරා සිසුන් විරෝධතාවයක නිරත විය.