midigama-incident

සැමියා නැති අව­ස්ථා­වක් බලා අනි­යම් ඇසු­රක් පැවැත්වූ කාන්තාවකගේ නිවසකට රිංගූ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු සැමියා හදි­සි­යේම පැමි­ණී­මත් සමඟ නිරුවතින් පලා යාමේ සිදු­වී­මක් මිදි­ගම පොලිස් වස­මෙන් වාර්තා වේ.
මෙම පොලිස් නිල­ධා­රියා සේවයේ නිර­තව සිටින්නේ දෙණි­යාය පොලිස් ස්ථාන­යට අනු­යු­ක්ත­වය. එහෙත් මේ දින­වල ඔහු විශේෂ රාජ­කාරි පද­නම මත වැලි­ගම පොලිස් ස්ථානයේ සේවයේ නිර­තව සිටින බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

මෙම නිල­ධා­රියා මිදි­ගම තුර්කි ගම්මා­නයේ කාන්තා­වක් සමඟ අනි­යම් සම්බ­න්ධ­යක් ඇති කර­ගෙන ඇත්තේ වැලි­ගම පොලිස් ස්ථානයේ සේවයේ නිර­තව සිටින විට­දීය. එම කාන්තා­වගේ සැමියා නැති අව­ස්ථා­වක් බලා මෙම නිල­ධා­රියා පසු­ගිය 16 වෙනිදා දහ­වල් එම කාන්තා­වගේ නිව­සට රිංගා ඇත.


අන­පේ­ක්ෂිත ලෙස සැමියා එදින දහ­වල් නිව­සට පැමි­ණෙන විට බිරි­යත් පොලිස් නිල­ධා­රි­යාත් නිවසේ කාම­ර­යක ඇඳක් මත සිට ඇත්තේ නිරු­ව­තිනි. සැමි­යාගේ අන­පේ­ක්ෂිත පැමි­ණීම හේතු­වෙන් කල­බල වූ පොලිස් කොස්තා­ප­ල්ව­රයා නිව­සින් පිට­තට දිව­ගොස් ඇත්තේ නිරු­ව­තින් බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.


මේ සම්බ­න්ධ­යෙන් මාතර පොලිස් අධි­කා­රී­ව­ර­යාට ලද තොර­තු­ර­කට අනුව කොස්තා­ප­ල්ව­ර­යාගේ වැඩ තහ­නම් කිරී­මට පෙරේදා (18) පිය­වර ගෙන ඇත. ඒ සැමි­යා­ගෙන් මිදි­ගම පොලි­සි­යට ලද පැමි­ණි­ල්ල­කට අනුව මෙම නිල­ධා­රි­යාගේ විනය විරෝධි හැසි­රීම මුල්ක­ර­ගෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය. 

 ගයාන් කුමාර වීර­සිංහ