millaniya-incident

සිය සැමියා විදේශගත වී ඇති බව පවසා වසර හතරකට පෙර සමීප ඇසුරක් පැවැත්වූ තරුණයකු උපක්‍රමශීලීව හොරණ හල්තොට තලාව නිවසකට ගෙන්වාගෙන සැමියා සහ තවත් පුද්ගලයෙකු සමග එක්වී පහරදී කප්පම් මුදල් ලබාගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලීසිය සදහන් කරයි.

25 හැවිරිදි සැකකාරියක හා 30 හැවිරිදි සැකකරුවෙකි. පහර කඃ 25 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.සැකකරුගෙන් ලබාගත් කප්පම් මුදලින් රුපියල් 24,500ක මුදලක් අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සහ කප්පම් මුදල් ලබා ගැනීමට යොදාගත් පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත හල්තොට, තලාව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සිර කරගෙන පහරදෙන බවට මිල්ලනිය පොලීසියට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් නිවස තුළ සිරකරගෙන සිටි තරුණයා මුදාගෙන

සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය දින කිහිපයක සිට තරුණයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගෙන සිය සැමියා විදේශගතව ඇති බැවින් තරුණයා දැකීමට නිවසට පැමිණෙන ලෙස කළ දැනුම්දීමට හොරණ නිවසට පැමිණ තරුණයාට පොලු මුගුරු අතින් ගත් සැකකාරියගේ සැමියා හා තවත් පුද්ගලයකු පහරදී රාත්‍රී 9:30 වනතුරු එහි රඳවාගෙන තබාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.අනතුරුව එම ස්ථානයෙන් මුදාහැරීමට නම් රුපියල් 50,000ක් අවශ්‍ය බව තරුණයා ට තර්ජනය කර ඇති අතර තමන් ළග මුදල් නොමැති බව පවසා රුපියල් 25000ක් පමණක් තිබෙන බැංකු කාඩ් පත හා රහස් අංකය අංකය ඔවුන්ට ලබා දුන් බවත් තරුණයා පොලීසියට ලබා දුන් ප්‍රකාශයෙහි සඳහන් වෙයි.



අනතුරුව සැකකාරියගේ සැමියා එම කාඩ්පත රැගෙන නිවසින් පිට වී ගිය බවත් තමන්ට නිවසින් පිටතට යාමට ඉඩ නොදී මේ පුද්ගලයා සහ සැකකාරිය මුරකාවල් යොදා ගෙන සිටි බවත් තරුණයා පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සදහන්ය.ඉල්ලන ලද රුපියල් 50,000ක කප්පම් මුදලේ ඉතිරි රුපියල් 25,000 වෙනුවට තරුණයාගේ ජංගම දුරකථනය ඔවුන්ට රුපියල් 25,000ක උගස් කළ බවට සඳහන් කර රුපියල් 25000 ලබාදී එය දින 14 ක් තුළ රා නොගතහොත් ජංගම දුරකථනය සැකකරුට සින්න වන ආකාරයට ලිපියක් ලියා ගත් බවද බවද තරුණයා පොලිසියට කරන ලද ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ය
 බිමල් ශ්‍යාමන් ජයසිංහ