miss-universe-thai-owner-banktrupt

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරික ලෝකයේ  කොටසක් වූ විශ්ව රූ රැජින තරඟ පැවැත්වීමේ අයිතිය මෑතක ලබාගත් තායි හිමිකාරිය එය ඩොලර් මිලියන 20 කට (පවුම් මිලියන 16.4) මිලදී ගෙන වසරකට පසු බංකොලොත් භාවයට පත්ව ඇත.එහෙයින් මේ වන විට එම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන ණය බරින් බර වී ඇත.


JKN Global Group පවසා ඇත්තේ මෙම ගැටළුව විසදීමට උත්සහ ගන්නා බවයි.ගනුදෙනුව සඳහා අරමුදල් රැස්කරගනු ලැබුවේ

බැඳුම්කර හරහා නමුත් සමාගමට සැප්තැම්බර් 1 වැනිදාට නියමිතව තිබූ ඩොලර් මිලියන 12ක පමණ ආපසු ගෙවීමේ කාලසීමාව මග හැරී ගියේය.
පසුගිය වසර තුළ JKN හි කොටස් මිල 80%කට වඩා පහත වැටී ඇත.
තායි බංකොලොත්භව පිළිබද උසාවිය විසින් ව්‍යාපාර පුනරුත්ථාපනය සඳහා වූ පෙත්සම් විභාගය ජනවාරි 29 වන දිනට නියම කර ඇති බව සමාගම පවසයි.
JKN හි හිමිකාරිත්වය යටතේ, මෙම තරඟයට  මෙම වසරේ සිට මව්වරුන්ට සහ විවාහක කාන්තාවන්ට  සහභාගී වීමට අවසර දී ඇත.


පෘතුගාල රූ රැජින දිනාගත් පළමු සංක්‍රාන්ති ලිංගික කාන්තාව බවට Marina Machete පත් වූ පසු සහ Rikkie Valerie Kolle ජුලි මාසයේදී නෙදර්ලන්ත රූ රැජින ලෙස කිරුළු පැළඳීමෙන් පසු පළමු වරට සංශෝධිත ආකෘතියට අවම වශයෙන් සංක්‍රාන්ති කාන්තාවන් දෙදෙනෙකු ඇතුළත් වනු ඇත.

දශක හතක ඉතිහාසයක් ඇති වාර්ෂික විශ්ව රූ රැජින තරගය රටවල් 165කට වැඩි ගණනක විකාශනය වේ.
මෙම ප්‍රශ්නය මුල් කොට මිස් යුනිවර්ස් තරගාවලිය අවිනිශ්චිත තත්වයට පත්ව ඇත.