ඉරිදා යුදෙව්වන් සොයා රුසියානු ගුවන් තොටුපළක කඩා වැදුණ විරෝධතාකරුවන් පිරිසක් සම්බන්ධ පුවතක් වාර්තා විය. මෙම පිරිස උසිගන්වන ලද්දේ යුදෙව් විරෝධී ටෙලිග්‍රාම් නාලිකාවකි. ග්‍රාහකයින් 65,000ක් පමණ සිටින නාලිකාවක් වන මෙම ‘මෝනිං ඩැගෙස්තාන්‘ , සති අන්තයේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් සිට ගුවන් යානයක් පැමිණීමට නියමිතව ඇති බවට අනතුරු ඇඟවීය.
විශාල මුස්ලිම් බහුතරයක් වෙසෙන රුසියාවේ ඩැගෙස්තාන් ප්‍රදේශයේ ප්‍රධාන ගුවන් තොටුපළ වන Makhachkala ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යානය පැමිණීමට නියමිතව තිබුණි.
පැමිණි විරෝධතාකරුවන් යුදෙව්වන් යැයි සිතූ මගීන්ට කෑ ගසා ප්‍රශ්න කිරීමටත්, පසුව ඔවුන්ව ගෙදර යැවීමටත් කටයුතු කර තිබුණි.
විශාල සෙනඟක් පැමිණ සිටි බව වාර්ථා වෙයි. ගුවන් තොටුපළේ වීඩියෝ දර්ශන උපුටා දක්වමින් රුසියානු මාධ්‍ය ආයතනයක් පැවසුවේ 1,200 ක් පමණ පිරිසක් එහි සිටි බවයි.
පණිවිඩවල ස්වරය ආගමික ස්වරූපයක් ගත් අතර, එහි උපදෙස් අල්ලාහු අක්බර්, ඉන්ෂාල්ලා සහ බිස්මිල්ලා වැනි පොදු ඉස්ලාමීය වාක්‍ය ඛණ්ඩ සමඟ සම්බන්ධිත විය.
ගුවන් තොටුපළේ සිටි සෙනඟ නාලිකාව පැවසූ සීමාවන්ටත් වඩා ඉදිරියට ගොස් ආරක්ෂක වළලු බිඳගෙන ගුවන් තොටුපළට කඩා වැදුණහ.
එම අවස්ථාවේදී නාලිකාව ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, තමන් සොයාගත් ඕනෑම යුදෙව් ජාතිකයෙකුට හිරිහැර නොකරන ලෙසත් සහ ඔවුන්ට පහර නොදෙන ලෙසත්ය.
ආරක්ෂක අංශ ඉක්මනින් ක්‍රියාත්මක වීමත් සමග මුළු ගුවන් තොටුපලම වසා දමන ලදී.
මෙම ගුවන් යානය ගුවන් තොටුපොළට පැමිණීමට පෙර, "හැකි තරම් මිනිසුන්ට" ගුවන් තොටුපළට එක්රැස් වන ලෙස නාලිකාව ඉල්ලා සිටියේය. බොහෝ සෙනඟක් එකතුකර ගුවන් යානය නැවත හරවා යැවීම අරමුණ විය.
ටෙලිග්‍රාම් නාලිකාව සවිස්තරාත්මක උපදෙස් පළ කරමින් , පැමිණෙන මගීන් ඊශ්‍රායලය හෙළා දකිනවාදැයි විමසිය යුතු බවත්, ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් ලිපිනයන් සටහන් කරන ලෙසත් රැස් වන ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඊශ්‍රායලය හෙළා නොදකින ඕනෑම කෙනෙකුට ගුවන් තොටුපළෙන් පිටවීමට ඉඩ නොදිය යුතු බව ද එහි සඳහන් විය.
නමුත් ගුවන් තොටුපළේ අය ඒ උපදෙස් පිළිපදින බවක් දැකිය නොහැකි විය. ඒ වෙනුවට ඔවුන් ගුවන් තොටුපළ හරහා දුවන ආකාරයත්, වටපිටාවේ සිටි පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන යන අයුරුත් දැකිය හැකි විය.
සිදුවීම් උත්සන්න වීමත් සමඟ, නාලිකාව "විනාස කිරීම් එපා! පහර දීමක් එපා!සහෝදරවරුනි! ඔබ මෙතෙක් කළ දේ ප්‍රමාණවත්! පිටවීමේ ස්ථානයට ආපසු ගොස් එහි ඇති මෝටර් රථ පරීක්ෂා කරන්න! විනාශකාරී ක්‍රියාවල යෙදීමට අවශ්‍ය නැත!!! " යනුවෙන් අවධාරනය කරමින් පණිවිඩයක් පළ කළේය.
රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේ කැරැල්ලට සහභාගී වූ පුද්ගලයින් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, 150 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්ය.
රුසියානු රාජ්‍ය ප්රවෘත්ති සේවයට අනුව , විරෝධතාකරුවන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පොලිස් නිලධාරීන් නව දෙනෙකු ඇතුළුව, පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇත .
ටෙලිග්‍රාම් නාලිකා පරිපාලකගේ අනන්‍යතාවය අපැහැදිලි ය. ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුව ,
මෙම නාලිකාව පුටින්ගේ විරුද්ධවාදියෙකු සහ රාජ්‍ය ඩූමා හි හිටපු සාමාජිකයෙකු වන කියෙව් පදනම් කරගත් රුසියානු-යුක්රේනියානු පිටුවහල් කරන ලද ඉල්යා පොනොමරෙව් සමඟ අනුබද්ධ වේ.
මෝනිං ඩැගෙස්තාන් නාලිකාවේ අනෙකුත් පළ කිරීම් ක්‍රෙම්ලිනයට සතුරු බවක් පෙනෙන්නට තිබුණි.
රුසියාවේ ගුවන් ප්‍රවාහනය සඳහා වූ ෆෙඩරල් ඒජන්සියට අනුව සඳුදා උදෑසන සිට Makhachkala ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් විවෘත විය .
මෙම සිදුවීම් ලොව පුරා අනතුරු ඇඟවීමට තුඩු දුන්නේය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රුසියාවෙන් ඉල්ලා සිටියේ තම පුරවැසියන් ආරක්ෂා කරන ලෙසත්, "කැරලිකරුවන්ට එරෙහිව සහ යුදෙව්වන්ට සහ ඊශ්‍රායල ජාතිකයින්ට එරෙහිව එල්ල කරන උසිගැන්වීමට එරෙහිව" දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ය.
0 Comments