mosasaur-fossil-jormungandr-walhallaensis-scn

ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඩැකෝටා නගරයෙන් සොයා ගන්නා ලද පොසිල මගින් උරගයෙකු ගැන පරිණාමීය අභිරහසක් විසඳා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

‘ලොකී‘ දෙවියා විසින් බිහි කරන ලදැයි කියන සහ ලොව වටා සැරිසැරීමට තරම් හැකියාවක් ඇති දැවැන්ත මුහුදු සර්පයෙකු පිළිබදව නෝර්ස් ජනප්‍රවාදයේ සදහන් වෙයි. අතීතයේ දී එම සත්වයා "රාක්ෂයෙකු" ලෙස නම් කර තිබුණද නවතම සොයා ගැනීම් වලට අනුව එම සත්වයා මස් අනුභව කරන සාගර උරග විශේෂයක් ලෙස හදුනාගෙන ඇත. මොසාසෝර ලෙස හදුන්වන ජීවී කාණ්ඩයට අයත් මෙම සර්පයා  මීට වසර මිලියන 80 කට පමණ පෙර ජීවත් වී ඇති බවට විශ්වාස කරයි.

පාෂාණ විද්‍යාඥයන් විසින් මෑතකදී ඇමරිකාවේ වල්හල්ලා ප්‍රදේශයේ උතුරු ඩැකෝටා නගරය අසලින් සොයාගත් පොසිල වලින් පෙර හදුනා නොගත් මොසාසෝරයා ගැන විස්තර සොයා ගන්නා ලදී. නගරයේ නම පැමිණෙන්නේ නෝර්ස් මිථ්‍යා කථා වල එන වල්හල්ලා නම් මංගල්‍ය ශාලාවක් මූලික කර ගෙනය. මෙම ශාලාවට මිය ගිය වීරයන් එක්රැස් වන බැවින්, විද්‍යාඥයෝ මෙය mosasaur Jormungandr walhallaensis ලෙස නම් කළහ. සර්පයා පිළිබඳ වූ නොර්ස් මිථ්‍යාවන් මෙන්ම පොසිල සොයා ගත් ස්ථානය ගැන පර්යේෂකයන් සඳුදා වාර්තා කළේ ,ඇමරිකානු ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ Bulletin සඟරාවේ ය .

ෆොසිලයට  NDGS 10838 ලෙස සාහිත්‍යාත්මක නාමයක් ලබා දී ඇත. හමු වූ පොසිල අතර,  ඇස්වලට ඉහළින් ඇති අස්ථි පද්ධතියක් සහිත සම්පූර්ණ හිස් කබලක් , හකු සහ ඉළ ඇට 11 ක් සහා කශේරුකා 12 ක් ඇතුළු අස්ථි කොටස් ඇතුළත් වේ.

සත්වයා අඩි 24 (මීටර් 7.3) පමණ දිගකින් යුක්ත වෙයි. මොසාසෝර් වර්ගයේ අනෙකුත් ජීවීන්ට සාපේක්ෂව මෙම සත්වයාට සිහින් දිගු මුහුණක් ඇති බව ඇමරිකානු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ රිචඩ් ගිල්ඩර් හි පාෂාණ විද්‍යාඥ සහ  නිව් යෝර්ක් නගරයේ උපාධි පාසලක ආචාර්ය උපාධි අපේක්ෂක  Amelia Zietlow පැවසීය..

පොදුවේ ගත් කල, Jormungandr walhallaensis බොහෝ මොසාසෝරයන්ට සමානවේ.

එහෙත් හිස් කබලේ අස්ථිවල ඇති මිශ්‍ර ලක්ෂණ හේතුවෙන් සත්වයා වර්ගීකරණය කිරීමේ දී විද්‍යාඥයින්ට අනපේක්ෂිත අභියෝග වලට මුහුණ දීමට සිදු වී ඇත. තමා බලාපොරොත්තු වූවාට වඩා සත්වයා තුළ විවිධ ස්වරූප ඇතුළත් බව අධ්‍යයන කතුවරුන් වාර්තා කළහ.

ඛනිජ සහ පොසිල පිළිබඳ භූ විද්‍යාව සහ මහජන අධ්‍යාපනය සඳහා කැප වූ රාජ්‍ය ආයතනයක් වන උතුරු ඩැකෝටා භූ විද්‍යා සමීක්ෂණය විසින් 2015 දී පොසිල එකතු කරන ලදී.  NDGS 10838 පොසිලය කඳු බෑවුමකින් සොයා ගන්නා ලද බව Zietlow පැවසුවාය. එම නිසාම එය පොසිලයක් බව කණ්ඩායමට හදුනා ගැනීමට හැකි වූ බවද ඇය පැවසුවාය.

විද්‍යාඥයන් විසින් හිස් කබල පරීක්‍ෂා කළ අතර , පරීක්ෂා කිරීමේදී එය අසාමාන්‍ය දෙයක් බව ඔවුන්ට වැටහී ඇත. තරමක් සෘජුකෝණාස්‍රාකාර වූ එහි හිස කොටසේ තිබූ කන් ඇට මොසාසෝර් වර්ගයේ යෝධ කුලකයට අයත් මොසාසෝරස්ගේ අස්ථිවලට සමාන විය. නමුත් එහි දත්වල හැඩය සහ දත් සංඛ්‍යාව කුඩා මොසාසෝරයන්ගේ (Clidastes) ගණයට වඩාත් සමීප විය. මේ අතර, එහි මුඛයේ ඉහළ කොටසේ ඇති අස්ථි තල්ලක කෝණය සහ දත් ගණන එම මොසාසෝර කණ්ඩායම් දෙකේම දක්නට නොලැබුණි. ඒ අනුව සත්වයා තුළ Mosasaurus වර්ගයේ ඇතැම් ලක්ෂණ සහා Clidastes වර්ගයේ ඇතැම් ලක්ෂණ දැකිය හැකි විය. මෙම ගතිලක්ෂණ සංයෝගය තුළින් පර්යේෂකයන්ට ඒත්තු ගැන්වූයේ ඔවුන් පරීක්ෂා කරන්නේ නව කුලයක් සහ විශේෂයක් බවයි.

කෙසේ වෙතත්, පොසිලකරණයේ දී බොහෝ විට අස්ථි විකෘති කරන අතර, සත්වයාගේ මරණයෙන් පසු ස්වභාවික ක්‍රියාවලීන් මගින් පොසිලයේ ස්වාභාවය හැඩගැසී ඇති බව සින්සිනාටි විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ටකුයා කොනිෂි පවසයි.

අලුතින් සොයාගත් විශේෂවල අතිරේක පොසිල මගින් මොසාසෝර වර්ගයේ Jormungandr walhallaensisගේ පිහිටීම මනාව සකස් කර ගත හැකි වෙතැයි මොසාසෝර පරිණාමය අධ්‍යයනය කරන කොනිෂි පැවසීය.



"Jormungandr  walhallaensis සත්වයා Clidastes වර්ගයෙන් කෙතරම් වෙනස් වේද යන්න තවම වැඩිදුර විමර්ශනය කර නැති අතර, අනාගත සොයාගැනීම් තුළින් එය නව Clidastes විශේෂයක් බවට විකල්ප උපකල්පනයකට අනුග්‍රහය දැක්විය හැකි බවද කොනිෂි තවදුරටත් පැවසීය.

ෆොසිලයේ ඇති අනෙකුත් අසාමාන්‍ය තොරතුරු වන්නේ කශේරුකාවෙහි සිදුරු සහ සීරීම් කැළැල්ය. පර්යේෂකයන් විසින් මේවා සපාකෑම් සලකුණු ලෙස හඳුනාගෙන ඇත. එම සලකුණු සනීප වී ඇති බවක් නොපෙනේ. එය සතාගේ ජීවිතයේ අවසාන භාගයේදී සිදු වූවක් බවට හෝ මොසාසෝරයා මිය ගිය පසු සිරුර අනුභව කළ සතෙකුගේ ක්‍රියාවක් විය හැකි බව පර්යේෂකයින් පවසයි.  ඇටසැකිල්ලේ ඉතිරි කොටස් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ මෙම සිදු වීම නසා විය හැකි බව  Zietlow පැවසීය.

කැළැල් ඇති වූයේ කෙසේද සහා සහ , එය Jormungandr  walhallaensis  දිවි ගලවා ගත් ප්‍රහාරයක් ද යන්න  අනාගත පර්යේෂණ වලදී අධ්‍යයන සම කර්තෘ ක්ලින්ට් බොයිඩ් පවසනු ඇති බව  Zietlow පැවසීය.

මොසාසෝරයන් යනු මීට වසර මිලියන 98 සිට මිලියන 66 කට පමණ පෙර ක්‍රිටේසියස් යුගයේ අවසාන භාගයේදී සාගරයේ සිටි විලෝපිකයන් සමූහයකි. ඔවුන් ඩයිනෝසෝරයන් සමඟ ජීවත් වූ නමුත් කටුස්සන් සහ සර්පයන් සමඟ සමීපව සම්බන්ධ වේ.

සමහර මොසාසෝරයන් අඩි කිහිපයක් දිග වන අතර,   විශාලතම මොසසෝරස් කුලකයට අයත් සත්වයන්ගේ  දිග අඩි 60 (මීටර් 18.2) පමණ වෙයි. සොයා ගන්නා ලද මොසසෝරයාගේ මතුපිට සීරීමට ලක් කර තිබීම තුළින් ,  ක්‍රිටේසියස් මුහුදේ තිබූ ආකර්ෂණීය අග්‍ර විලෝපිකයන්ගේ පරිණාමීය ඉතිහාසය ද හෙළිදරව් කිරීමට හැකි වෙතැයි විශේෂඥයින් බලාපොරොත්තු වෙයි.

ඒ සඳහා "ඉතා දක්‍ෂ මොසාසෝර් පරීක්ෂකවරියක් වන Zietlow මහත්මිය විසින් ලේඛනගත කරන ලද ව්‍යුහ විද්‍යාත්මක විස්තරයන් සැලකිය යුතු දායකත්වයක් සපයයි.

මොසාසෝරයන් ජලජ ජීවීන් වුවද, ඔවුන්ගේ මුතුන් මිත්තන් ගොඩබිම ජීවත් වූ අතර පසුව නැවත මුහුදට පරිණාමය වී ඇත. එසේ කළ එකම සත්ව කණ්ඩායම ඔවුන් නොවේ. ඊට අමතරව ප්ලෙසියෝසෝරයන්, තල්මසුන්, මුහුදු කැස්බෑවන් සහ බොහෝ වර්ගවල උරගයන් ,ක්ෂීරපායින් මුහුදෙන් ගොඩබිමට පිටත්ව ගොස් බොහෝ කලකට පසු නැවතත් සාගර ජීවිතයට අනුවර්තනය විය.  මෙම සංක්‍රාන්තිය අධ්‍යයනය කිරීම සඳහා වැදගත් සත්ව කණ්ඩායමක් ලෙස මොසාසෝරයන් ගනු ලබන්නේ ඔවුන්ගේ පොසිල ඉතා බහුල නිසා බව Zietlow පවසයි. එක්සත් ජනපදයේ පමණක් නිදර්ශක දහස් ගණනක් ඇති බව ඇය පැවසුවාය.

බොහෝ නිදර්ශක සංචිතයක් තිබියදීත්, මොසාසෝර් පොසිල , Jormungandr  walhallaensis තරම් සම්පූර්ණ ලෙස ලේඛනගත කර නොමැති බව Zietlow පවසයි.

අලුතින් සොයාගත් ෆොසිලවල මෙම විෂමතාවය අධ්‍යනය කිරීම සහ දන්නා නිදර්ශක නැවත බැලීම , මෙම පරිණාමීය ප්‍රහේලිකා විසඳීමට විද්‍යාඥයින්ට උපකාර  කරනු ඇත.