myanmar-war

මියන්මාර සන්නද්ධ හමුදාවන් (MAF) සහ Arakan Army (AA) අතර නැවත ඇති වූ සටන් හේතුවෙන් සඳුදා සිට රටේ බටහිර රඛයින් ප්‍රාන්තයේ පුද්ගලයින් 26,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.



සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (UNOCHA) පැවසුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව දෙපාර්ශ්වය අතර ගැටුම් හේතුවෙන් අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ මුළු සංඛ්‍යාව දළ වශයෙන් 90,000 දක්වා ඉහළ ගොස් ඇති  බවයි.

වසරකට පෙර එකඟ වූ අවිධිමත් සටන් විරාමයක් නොවැම්බර් 13 වන දින බිඳී යාමෙන් පසු මරණ එකොළහක් සහ තුවාල 30 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.



පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් MAF විසින් ද පස් දෙනෙකු AA විසින් ද රඳවාගෙන ඇති බව වාර්තා වේ.

2021 පෙබරවාරි මාසයේදී හමුදා ජෙනරාල් මින් අවුන් හ්ලයිං බලය අල්ලා ගත් දා සිට මියන්මාරය පුරා මිලිටරිය සහ ප්‍රතිරෝධී කණ්ඩායම් අතර සටන් දිනපතාම වර් ධනය වෙමින්  තිබේ, එය එරට ආර්ථික අවුල් ජාලයකට සහ  සිවිල් යුද්ධයකට ඇද දැමීමට මග සලසනු ඇත.

මෑතකාලීන සටන් ආරම්භ වූයේ AA බංගලාදේශ දේශසීමාව ආසන්නයේ පිහිටි Maungdaw ටවුන්ෂිප් අසල දේශසීමා කණු දෙකකට පහර දුන් බව වාර්තා වීමත් සමඟය.



එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, පක්ෂ දෙක මීට පෙර 2022 නොවැම්බර් මාසයේදී අවිධිමත් සටන් විරාමයක් ස්ථාපිත කර ඇත.

AA පාලන  ප්‍රදේශවල MAF ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවට වාර්තා වී ඇති බවත්, ගුවන් සහ නාවික සහාය ඇතිව හමුදාව අවම වශයෙන් එක් මෙහෙයුමක් හෝ සිදු කර ඇති බවත් එය වැඩිදුරටත් සඳහන් කළේය.

සටන් හේතුවෙන් බොහෝ මානුෂීය ක්‍රියාකාරකම් අත්හිටුවා ඇති අතර  සියලුම මාර්ග  සහ ජලමාර් ග ” අවහිර වී ඇති බව නිවේදනයේ දැක්වේ.

MAF විසින් “ත්‍රස්තවාදී” ඉලක්ක ලෙස හඳුන්වන දේට ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් ප්‍රහාර 2021 සිට නිතිපතා සිදුවී ඇති අතර නිරීක්ෂණ කණ්ඩායම්වලට අනුව ළමුන් ඇතුළු සිවිල් වැසියන් දහස් ගණනක් ඉන්  මිය ගොස් ඇත.

ජුන්ටා සොල්දාදුවන් විසින් මුළු ගම්මාන ගිනිබත් කර ඇති අතර ප්‍රහාරවලින් විනාශ වූ පාසල්, සායන සහ රෝහල් බොහොමයක් ඇත.