narahenpita-kids-home-incident

නාරහේන්පිට ළමා සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයක 14 හැවිරිදි දැරියක බැණ වැදීම් සහ පහරදීම් ඉවසාගනු බැරිව විස දියරයක් පානය කිරීමෙන් අනතුරුව රෝහල් ගතකිරීමේ සිද්ධියක් ගැන. පොලිසියට වාර්තාවී තිබේ. එම මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකාව සහ සේවිකාවකගේ පහරදීම් ඉවසා ගත නොහැකිව විස දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඉතිරි වූ විස දියර බෝතලය පෙන්වමින් “බිපන්, තව බීපන්, තව බීපන්, මැරෙන්නම බීපන්" යැයි පවසමින් ප්‍රධාන පාලිකාව සහ සේවිකාවක දැරියට අමානුෂික ලෙස පහර දී ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි.



කුඩා දැරියක විස දියරක් පානය කිරීමෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නාරාහේන්පිට පොලිසියට දුන් දුරකථන පණිවුඩයක් අනුව නාරාහේන්පිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව සහ මුළුතැන්ගෙයි සේවිකාව දැරියට බැණවදිමින් ඉකුත් 6 වැනිදා දහවල් පහර දී ඇති අතර එහිදී දැරිය විස සහිත දියරයක් පානය කර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.



පාලිකාව එහිදී සහ මුළුතැන්ගෙයි සේවිකාව දැරියට “බිපන් තව බීපන් තව බීපන් මැරෙන්නම බීපන්” යැයි පවසමින් විෂබීජ නාශක දියර අඩංගු බෝතලය ඇය අසලම තබා ඇයට දිගටම පහර දී ඇති බව විමර්ශනවල දී හෙළිවී ඇතැයි පොලිසිය පවසයි. එයින් තවත් බියට පත් දැරිය නැවත ඒවා පානය කර ඇතැයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියා පැවසීය.

දැරියට මෙම තැනැත්තියන් දෙදෙනාම නිරතුරුව පහර දෙන බවට ද පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන් ප්‍රධාන පාලිකාවගෙන්, මුළුතැන්ගෙයි සේවිකාවකගෙන් ඇතුළු පස් දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර දැරිය පෞද්ගලික රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය

බිමල් ශ්‍යාමන් ජයසිංහ