ජාතික ජන බලවේගය විසින් අද (18) සවස නුගේගොඩ 'ජනබල විරෝධය' නමින් විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන අතර පෙලපාලි යන පිරිස් නිසා හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දිය ආසන්නයේ සිට මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වෙයි.
රැලියට සහභාගී වීමට පාගමනින් විශාල විරෝධතාකරුවන් පිරිසක් පැමිණ ඇතැයිද වාර්තා විය.
ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය තුළින් ජනතාවට කිසිදු සහනයක් ලබා දී නොතිබීම, බදු බර, බඩු මිල, විදුලි ගාස්තු අසීමිතව ඉහළ දැමීම, ජාතික සම්පත් විකුණා දැමීම, මර්දන අණපනත් සම්මත කිරීම ඇතුළු කරුනු කිහිපයක් මුල් කර ජාතික ජන බලවේගය විරෝධතා පාගමන සවස 02.00ට දෙල්කඳ හන්දියේ සිට ඇරඹූ අතර රැළිය අනතුරුව සවස 3 ට ආරම්භ කරන්නට නියමිතය.
0 Comments