oldest-dog-bobi-death

පෘතුගාලයේ ජීවත් වූ ලොව වයස්ගතම සුනඛයා වන Bobi , වයස අවුරුදු 31 යි දින 165 ට ළඟා වීමෙන් පසු මිය ගොස් ඇත. සත්ව රෝහලකදී සිදු වූ උගේ මරණය පිළිබදව මුලින්ම ප්‍රකාශයට පත් කළේ පශු වෛද්‍ය කැරන් බෙකර් විසිනි.

බොබිගේ අසාමාන්‍ය මහලු වියේ දී බොහෝ රහස් තිබූ බව උගේ හිමිකරු ලියොනල් කොස්තා  ගිනස් ලෝක වාර්තාව (GWR) වෙත පැවසීය. ඌ සෑම විටම පටි හෝ දම්වැලකින් තොරව නිදහසේ සැරිසැරූ අතර "සන්සුන්, සාමකාමී" පරිසරයක ජීවත් වීමට ඇළුම් කර ඇත. අවසාන සමයේ දී ඌ අනුභව කර ඇත්තේ කොස්තා  තම පරිභෝජනයට සාදා ගත් ආහාර වන අතර, ඒවාද ජලයෙන් සෝදා කුළුබඩු ඉවත් කල පසු පමණක් ආහාරයට ගත් බව  බව ඔහු පැවසීය.



බොබි තම මුළු ජීවිතයම ගත කළේ පෘතුගාලයේ ලිස්බන් අගනුවරට කිලෝමීටර් 150ක් (සැතපුම් 93ක්) උතුරින් පිහිටි කොන්ක්විරෝස් ගම්මානයේ, බළලුන් සමඟ ඉබාගාතේ ඇවිදිමිනි.

කොස්තා  පවසන ආකාරයට Bobi යනු පශු සම්පත් භාර සුනඛ වර්ගයක් වන Rafeiro do Alentejo වර්ගයට අයත් සුනඛයෙකි. ඇමරිකානු කෙනල් සමාජයට අනුව Rafeiro do Alentejos ගේ ආයු අපේක්ෂාව අවුරුදු 12-14 පමණ වේ. නමුත් බොබි එම ආයු අපේක්ෂාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි කාලයක් ජීවත් වූ අතර, සියවසකට ආසන්න පැරණි වාර්තාවක් අභිබවා ජීවත්ව සිටින වයස්ගතම සුනඛයා සහ පැරණිතම බල්ලා බවට පත් විය. එය මීට පෙර ඕස්ට්‍රේලියානු ගව බල්ලා ලෙස හදුන්වන "බ්ලූයි" විසින් හිමිකරගෙන තිබුණි.  බ්ලුයි අවුරුදු 29 මාස පහක් ජීවත් විය.



බොහෝ දුරට බොබීගේ කතාවට  වෙනස් අවසානයක් තිබෙන්නට ඉඩ තිබුණු බව කොස්තා පවසයි. බොබී උපත ලබා තිබුනේ කොස්තාගේ නිවසේ තිබූ දර මඩුවකදීය. ඒ තවත් සහෝදර සහෝදරියන් තිදෙනෙක්ද සමගය. නමුත් නිවසේ සිටින සත්ව ප්‍රමාණය වැඩි නිසා බොබී ඇතුළු සුනඛ පැටවුන් නිවසෙන් ඉවත් කිරීමට කොස්තාගේ පියා තීරණය කර ඇත.

කොස්තා සහ ඔහුගේ සොහොයුරන් සිතුවේ ඔවුන්ගේ දෙමව්පියන් සියලු බලු පැටවුන් විනාශ කිරීමට රැගෙන ගොස් ඇති බවයි. කෙසේ වෙතත්, දින කිහිපයකට පසු, දරමඩුවේ ආරක්ෂිත දැව කඳන් ගොඩක් තුළ සැගවී සිටි බොබීව ඔවුන් සොයා ගන්නා ලදී.

කොස්තා තම දෙමාපියන්ගෙන් බලු පැටියා සඟවා තැබූ අතර, බොබිගේ තොරතුරු දෙමව්පියන් දැනගන්නා විට තරුණ වියේ පසුවිය.

මැයි මාසයේදී පැවති ඔහුගේ 31 වැනි උපන්දින සාදයට 100කට වැඩි පිරිසක් සහ ප්‍රසංග නර්තන කණ්ඩායමක් සහභාගී වූ බව GWR පවසයි.

බොබී වයසින් වැඩෙත්ම උගේ ඇස් පෙනීම නරක අතට හැරුණු අතර ඇවිදීම දුෂ්කර විය. නමුත් ඌ බළලුන් සමඟ ගෙවත්තේ කාලය ගත කිරිම නතර නොකල බව කොස්තා පවසයි.

 

" බොබී යනු අවාසනාවන්ත ලෙස මිය ගිය තම පියා, සහෝදරයා හා මෙලොව හැර ගොස් සිටින තම ආච්චිලා සීයලා වැනි අයව සිහිපත් කරන සිහිවටනයක් බවත්,  ඌව තමාට පවුලේ කෙනෙකු ලෙස දැනෙන බවත්," කොස්තා GWR වෙත පැවසීය.