pakistan-fine-afgan-people

රට හැර යාමට අවශ්‍ය ලියකියවිලි නොමැති සරණාගතයින්ගෙන් ඩොලර් 830 ක ගාස්තුවක් අය කරන බව පාකිස්තානය ප්‍රකාශ  කර තිබේ.
 වීසා බලපත්‍රයක් නොමැතිව එහි පැමිණි පුද්ගලයින් සඳහා පිටවීමේ ගාස්තුව වශයෙන් මෙය අය කරගනී

ඔක්තෝම්බර් මාසයේදී පාකිස්තානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලේඛනගත නොකළ විදේශිකයන් මිලියන 1.7 ක් රට තුල සිටින බවත් ඔවුන් නොවැම්බර් 1 වනදාට පෙර  රටින් පිටව නොයන්නේ නම් රටින් පිටුවහල් කරන බවත් ය.



මෙහි බොහෝ දෙනෙක් ඇෆ්ගන් ජාතිකයෝ වෙති
2021 දී තලේබාන් සංවිධානය නැවත බලයට පත් වූ විට ඇෆ්ගනිස්ථානයෙන් පලා ගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාව මෙසේ පකිස්තානයේ තාවකාලිකව ලැගුම් ගෙන තිබුණි.

කෙසේනමුත් වීසා කල් ඉකුත් වූ අයගෙන් ඔවුන් කොපමණ කාලයක් රැඳී සිටිනවාද යන්න මත ගාස්තු අය කෙරේ.

මෙහිදී ආපසු ඇෆ්ගනිස්ථානයට යන ඕනෑම කෙනෙකුට පිටවීමේ ගාස්තුවක් අදාළ නොවන බවද ඔවුන් සදහන් කර තිබේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි කණ්ඩායම්වලට අනුව කාබුල් තලේබාන් සංවිධානයට යටත් වූ විට පාකිස්තානයට පැමිණි බොහෝ ඇෆ්ගන් ජාතිකයන් ලියකියවිලි ලබා ගැනීම ප්‍රමාද වී ඇත.

පකිස්තානය තම දේශසීමාවේ වෙසෙන කිසිඳු ඇෆ්ගන් ජාතිකයෙකු සරණාගතයින් ලෙස පිළිනොගන්නා බව පවසා තිබේ.

පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් බීබීසීයට පැවසුවේ මානුෂීය හේතූන් මත නැවත ස්ථානගත කරන පුද්ගලයින් සඳහා මෙම ගාස්තුව ය කිරීම  නුසුදුසු තත්ත්වයක් බවයි.



ඔහු එයට හේතුව වශයෙන්  සදහන් කරනු ලබන්නේ "බොහෝ රටවල,  වීසා බලපත්‍රය ඉක්මවා රැඳී සිටියහොත් ගෙවීමට සිදුවනු ඇති බවත් , ප්‍රශ්නය ඇත්තේ මානුෂීය වීසා මත තබා  ගන්නා අයගෙන් අයකිරීම බවත් ය.


කෙසේනමුත් රාජ්‍ය තාන්ත්‍රිකයා පැවසුවේ රජයට ප්‍රතිපත්තිය සමාලෝචනය කළ හැකි බවට පූර්ව ඇඟවීම් ලැබී ඇති බවත්, ඔවුන් දිරිමත් කරන බවත්ය.

UNHCR බීබීසීයට පැවසුවේ එය "ප්‍රශ්නය විසඳීමට" උත්සාහ කරන බවයි.ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ “මෙම අවශ්‍යතාවලින් සරණාගතයින් නිදහස් කරන ලෙස ඔවුන්  බලධාරීන්ට ඒත්තු ගන්වන බවයි.එසේම ඇෆ්ගන් සරණාගතයින්ට සරණාගතභාවය සහ ආරක්ෂාව සැපයීමේ ප්‍රශංසනීය බවත්,එම සුහදත්වයට දශක ගණනාවක ඉතිහාසයක් පකිස්ථාන රජයට සහ ජනතාවට ඇති බවත් ,මෙය දිගටම පැවතිය යුතු බවත් ය.

නමුත් රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ “පකිස්තාන නීති, එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් රටවල සංක්‍රමණ නීති මෙන්ම, වීසා කාලය ඉක්මවා රැඳී සිටින හෝ ආගමන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට දඩ සහ දඬුවම් ඇති බවයි.


එහෙයින් ඔහු කියා සිටින්නේ පකිස්ථානය විසින් පනවා ඇති හෝ පනවන ඕනෑම දඩයක් ඔවුනගේ  නීතිවලට අනුකූල වේ යන්නයි.