police-issue

පොලිස් ආධුනික නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීමට ප්‍රථමාධාර සහ ඉංග්‍රීසි ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීම සදහා නාරාහේන්පිට පොලිස් ජල ක්‍රීඩා සංකීර්ණයට පෙරේදා (8) පැමිණි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු එහි සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ පහර කෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව නාරාහේන්පිට පොලිසිය කියයි.



මෙම ආධුනික කොස්තාපල්වරයාගේ නිල ඇඳුමෙන් ඇද පහරදීම කර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.පහර කෑමට ලක් වූ කොස්තාපල්වරයාගේ කම්මුල ඉදිමී ඇති අතර සිරුරේ නියපොතු පහරවල් ද පෙනෙන්නට ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ආධුනික කොස්තාපල්වරයාට පහරදීමට හේතුව අනාවරණය වී නොමැති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.පහර කෑමට ලක්වූ ආධුනික කොස්තාපල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු යොදා ඇත.නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය