polonnaruwa-welikanda-bus-collapse

පොලොන්නරුවේ වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික සහල් මෝලක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්
අද (30) උදෑසන  7 ට පමණමාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී තිබේ.


අනතුරින් පුද්ගලයින් තිස්දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රදේශීය රෝහලට ඇතුළත් කර බරපතළ තුවාල ලැබූ සිව්දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වෙයි.
බස් රථය ගමන් ගන්නා විට එහි සේවකයින් අසූවකට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති අතර අනතුරෙන් සුළු තු වාල ලැබූ සේවකයින් කිහිප දෙනෙකු ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවද රෝහල් ආරංචිමාර්ග කියයි.