prabhakaran-daughter-ai-video

ප්‍රභාකරන්ගේ දියණිය ජීවතුන් අතර සිටින බවට යෝජනා කරමින් කෘත්‍රීම බුද්ධිය (AI) උපයෝගයෙන් උත්පාදිත වීඩියෝවක් දියත් කිරීමට නියමිත බව අද දින ඩේලි මිරර් වාර්තාවක දැක්වේ.
එම වීඩියෝ පටය නොවැම්බර් 27 වැනිදා ලොව පුරා ප්‍රචාරය කිරීමට සූදානම් වෙමින් පවතින බවද සඳහන්ය.
 මේ සඳහා  එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ නෝර්වේහි සිටින ඥාතීන්ගේ කැමැත්තද ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

 එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් වීඩියෝ පටයක් නොවැම්බර් 27 වැනිදා ලොව පුරා ප්‍රචාරය කිරීමට සූදානම් වන බවට මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ විදෙස් බුද්ධි අංශ බවද ආරංචි මාර්ග පවසයි.



නොවැම්බර් 27 වෙනිදා එල්.ටී.ටී.ඊ.ය විසින් ‘වීර දිනය‘ හෙවත් මහා විරු දිනය සමරන අතර එදින ප්‍රභාකරන් විශේෂ කතාවක් කිරීම සිරිතක් ලෙස අතීතයේ පැවතිණි.

නෝර්වේ හි පිහිටි ජාත්‍යන්තර කොටි ජාලය මෙම වීඩියෝ පටය ඇත්තක් යයි කියමින් රැවටීමක් කර එය යොදාගෙන විදේශ රටවල අරමුදල් රැස්කිරීමට සැලසුම් කර ඇති බවද හෙළිවී ඇත.

මේ කරුනු තහවුරු කිරීමට මියගිය එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ නෝර්වේහි සිටින ඥාතීන්ගේ කැමැත්තද ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

පෙරිම්පනායගම් සිවපරන් නොහොත් නෙදියවන් නෝර්වේ සිට එල්.ටී.ටී.ඊ සංවිධානය යළි පණ ගැන්වීමට කිහිප වරක් උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ කිරීමට බුද්ධි අංශ සමත් වී තිබූ අතර මෙය තවත් එවන් උත්සාහයක් ලෙස සැලකේ.