pramodya-speaks

ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වයෙන් පසු අද දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රිකට් කණ්ඩායමේ ඛේදනීය පරාජය පිටුපස කිසියම් පිරිසක් සිටි බවත් එය ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී සැලැස්මක් බවත් දින දෙකකින් සියල්ල හෙලි කරන බවත් පවසා සිටියේය.
කෙසේ වෙතත් ඔහු මීට මාස 08 කට පෙර පසුගිය මාර්තු මාසයේ යූටියුබ් නාලිකාවක් සමග සම්බන්ධවෙමින් ප්‍රකාශ කර තිබුනේ තමන්ගේ කටයුතු වලට කිසිදු බලපෑමක් නැති බවත් පවතින්නේ පිටත සිටින අය කරන යම් යම් විවේචන පමණක් බවත්ය.
ඔහු ‘ක්‍රික් විදූ“ නාලිකාව සමග පැවැත්වූ එම සාකච්ඡාවේදී මාස අටකට පෙර මෙසේ කියා තිබුණි.

 “මං හිතන්නේ අපි සාර්ථකද නැද්ද කියන එක ඔබටම පෙනේවි අපි ආසියානු කුසලානය දින්නා. ඊළඟට ටෙස්ට් තරඟාවලියේ නොම්බර තුනේ ඉන්නව.. තරගාවලි අපි කිහිපයක් ලංකාවේ දින්නා.. ඊට අමතරව විස්සයි20 ලෝක කුසලානයට අපි දැන් මේ කොලිෆයි ගහන්න ඕනෑ නැහැ..ඒ ටිකේම තියෙනවා ඒ අපේ සාර්ථකත්වය. ඒ වගේම විවේචන තියෙනවා  ‘තරුණ කණ්ඩායමක්‘ හඳුන්වාදීම ඒක කිව්වට ඔවුන් තමයි අපි හඳුන්වාදී කණ්ඩායමේ ජයග්‍රහණ ගෙනාවෙ.එක්ස්පීරියන්ස් තියන අයට ටෙස්ට් කන්ඩායම භාර දුන්නා. එක්ස්පීරියන්ස් තියෙන කණ්ඩායමේ අය ඕන වෙලාවක අනෙක් එකට ගෙන්න පුළුවන්. ඒ විදිහට තමා කෙරුවේ



අලුත් ක්‍රීඩකයෝ දාලා මේක විනාශ කරන්න හදනවා. එහෙම බෑ කියලා ඔබට ඒ පීඩනයක් ආවෙ නැද්ද?

මේක කරන් යද්දී ඇත්තටම මට කිසිම පීඩනයක් ඇවිත් නෑ. නෑ කියන්නේ මොකද? මම තේරීම් කමිටුව විදියට මමත් රොමේෂ් කළුවිතරණත් එක්ක අපි පටන් ගන්නකොට මුලදීම අපි හිටපු ක්රීඩා ඇමැතිතුමත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. එතකොට අපි අපේ ප්ලෑන් එක කිව්වා. ඒ වගේම ක්රිකට් පාලක මණ්ඩල විධායක කමිටුවටත් අපේ ප්ලෑන් එක කිව්වා. ඊට පස්සේ ඒ ගොල්ලො අනුමැතියක් දුන්න මේක කරන්න කියල. ඒ අනුව තමයි අපි ඒ තරුණ කණ්ඩායමක් අත්හදා බලන්න ඒ ප්ලෑන් එකේ ආවේ ඊට පස්සේ  කිසිම බයක් නැතුව අපි අපේ වැඩේ කරා අපි දැන් දවසින් දවස දැක්කා සාර්ථකත්වය.
දැන් ඇත්තටම දැන් ඉන්නේ අපි තරගාවලියක් පරදින කම් බලාගෙන ඒ වගේම මොනා හරි ප්රශ්නයක් වෙනකන් බලාගෙන ඒ ප්රශ්නය ඇදගෙන තව වෙන තැනකට එක්කෝ තේරීම් කමිටුව පලවා හරින්න නැතැයි ක්රිකට් පාලක මණ්ඩලය පළවා හරින්න ඒක ඉතින් හරිම බාධකයක් ඇත්තටම ඒක හරිම අපහසුයි. ඒ විදියට වැඩ කරනකොට



දැන් එතකොට ඔබට ඒ ගැන දැන් යම් පීඩනයක් තියෙනවද සහ දැන් තේරීම් වලට යම් බලපෑමක් තියෙනවාද?

අද වනතුරු කිසිම කවුරුවත් මට තේරෙන්නෙ නෑ. අපිට මේ තේරීම්වලට බලපෑම් කරලා නෑ . නමුත් හැබැයි ඒ අර එළියේ ඉඳන් පැරණි ක්රීඩකයෝ එළියේ ඉඳගෙන අපිට බලපෑම් වගේ එකක්.. බලපෑම් කියන්නේ අපි විවේචනය කරනකොට ඇත්තටම සමහර වෙලාවට හෘද සාක්ෂිය දන්නවා. ඒ ගොල්ලන්ට අපි කරන්න හරි කියල. නමුත් සමාජයේ මතයක් හදන්න හදනවා. මේක වැරදි මේක වැරදි කිසිම ප්ලෑන් එකක් නෑ කියල මෙතන අද වෙනතුරු මගෙන් අහලා නෑ මොකක්ද ප්ලෑන් එක කියල නමුත් අපි තුන්දෙනාම ප්ලෑන් එකට යන්නේ ඒ ප්ලෑන් එක අපි තුන්දෙනා පුහුණුකරුවෝ ඔක්කොම ඒ වගේම ක්රිකට් පාලක මණ්ඩලයේ සියලු දෙනාම දන්නවා. ඉතින් මං හිතන්නේ ප්ලෑන් එක සාර්ථකයි.

 සමාජ ජාල මාධ්ය වලින් ලොකු ප්රෙෂර් එකක් තියෙනව නේද?

හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් මේකට දෙවිදිහකට ෆීඩ්බැක් වෙනවා.  අපි දකිනවා  විවිධ කල්ලි තියෙනව වගේ විවිධ දේවල් තියෙනවා. මේක ඇතුලෙන් ඇත්තටම ලොකු ප්රෙෂර් එකක් නිර්මාණය වෙනවා සහ ඒක සාධනීය පැත්තකුත් තියෙන්න පුළුවන් සාධනීය පැත්තක් තියෙනවා සහ එසේ නොවන පැත්තක් අපි දකිනවා

මම පොඩ්ඩක් අධ්යනය කරා මොකක්ද වෙන්නේ කියන එක මම දැක්කා සමහර ක්රීඩකයො ඉන්නවා මේ පේජ්  හදාගෙන වගේ මේ ගැන විවේචන නිර්මාණය කරනවා. මං හොඳටම දැක්කා භානුගේ ප්රශ්නෙදි මං දැක්කා ඒ කණ්ඩායමක් එකතු වෙලා  මඩ ගහ ගහා ඇටෑක් කරලා රටේ මත හදනවා. මං සැලෙන්නෑ ඕවට.

බොන් අගෙන් බලපෑමක් තියෙනවා කියලා කියනවා ඒක හරිද?

එහෙම නම් කිසිම දෙයක් නෑ. මං එහෙම දෙයක් කරන්නෙත් නෑ . ඇත්තටම අපි කොයි වෙලාවකවත් කිසිම මේකට  කිසිම ආගමක් ජාතියක් කිසිවක් බලන්නෙ නෑ. අපි දක්ෂතාවය බලන්නෙ.