බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයකු එහි සවිකර තිබූ ස්ප්‍රිනයක් පැන අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පුත්තලම මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
පුත්තලම, අනුරාධපුර මාර්ගයේ පදිංචි ක්‍රිෂාන්තන් මෝසස් (33) නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම තරුණයාගේ පියා ප්‍රධාන මහා මාර්ග ඉංජිනේරුවරයකු වන අතර ඔහු කිසියම් කටයුත්තක් සදහා පිටත්ව යාම හේතුවෙන් පියාගේ බාල සොහොයුරාගෙ නිවසේ රඳවා ගොස් සිටියදී මෙම හදිසි අනතුරට ලක්වි ඇති බව
කියයි.මරණයට පත් තරුණයා කිසියම් රෝගී තත්ත්වයකින් පෙළී සිට ඇති බවත් ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටි බවද කියයි.
බාප්පාගේ නිවසේ රඳවා ගිය මෙම තරුණයා දිය නෑමටට සැරසී ඉන් පසුව බර කිරීමට යොදා ගන්නා කුඩා බලන්සයක් දෑතින් වෙර යොදා අදිමින් ව්‍යායාම කර ඇති බවත් එහිදී එකවර එහි ස්ප්‍රීන් එක පැන තරුණායාගේ ගෙලෙහි වැදි කැපි බිම වැටී සිටියදී ඥාතීන් දැක ඇති බව කියයි.
පසුව ඔවුන් විසින් කඩිනමින් මෙම තරුණයා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබුණද ඒ වනවිටත් මරණයට පත්ව සිටි බව පුත්තලම මූලික රෝහල් බලධාරියෙක් පැවසීය.පුත්තලම මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
හිරාන් ප්‍රියංකර ජයසිංහ
0 Comments