rahul-dravid-story

මීට වසර 20 කට පෙර  2003 දී, වත්මන් පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සහ ඔහුගේ කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ප්‍රබල ඕස්ට්‍රේලියාව සමඟ තරඟ කිරීම සදහා ජොහැන්නස්බර්ග් හි නිව් වොන්ඩරර්ස් ක්‍රීඩාංගනයට ගියහ.
ඉන්දියාව අවසන් මහා තරගයට පිවිසීම නිසා, ඔවුන්ගේ  බලාපොරොත්තු ඉහළ මට්ටමක පැවතිණි. නමුත් ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ව අභිබවා යාම නිසා තරගය අවසන් වූයේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ දෑසට කඳුළු එක් කරමිනි.

2007 දී, ඩ්‍රාවිඩ් තවත් පසුබෑමක් ලබා ගත් අතර , එවර  ද ඔහු කණ්ඩායමට නායකත්වය දුන්නේය.



වසර 20 කට පමණ පසු, හැඩකාර පිතිකරුවා ඉරිදා අහමදාබාද්හි පැවැත්වෙන ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව සමඟ තරඟ කරන ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නැවත පැමිණ තිබේ.

ඔහුට කුසලානය හිමි වුවත් නැතත්, පුහුණුකරු විශිෂ්ටයෙකු ලෙස ඩ්‍රාවිඩ් නම් දරා ඇත.

නමුත් ඔහු ජනප්‍රිය පිතිකරුවෙකුගේ සිට පසුබිමේ රැඳී සිටින පුහුණුකරුවෙකු බවට පරිවර්තනය වූයේ කෙසේද? පිළිතුර ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ පවතී.

ඩ්‍රාවිඩ් ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ ජීවිත කාලය පුරාම වෙහෙස මහන්සි වී වැඩ කළ බව කවුරුත් දන්නා කරුණකි. ඔහු තම කඩුල්ල පහසුවෙන් ලබා දුන්නේ කලාතුරකිනි.එම නිසාම  ඔහුට "ද වෝල්" සහ "මිස්ටර් ඩිපෙන්ඩබල්" වැනි අන්වර්ථ නාමයන් ලබා දුන්නේය.

2001 දී ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරඟයක් තුළ දී , ඉන්දීය කණ්ඩායමට ලැබීමට තිබූ නියත පරාජයක් පෙරලා දැමීම සඳහා, VVS ලක්ෂ්මන් සමඟ අමතක නොවන ලකුණු 376ක සබඳතාවක් ගොඩනැගීමට ඩ්‍රාවිඩ්ට හැකි විය. එය පිතිකරුවෙකු ලෙස ඔහුගේ දක්ෂතා සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය වූ අවස්ථාවකි .



2004 දී පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදී  ඔහු ප්‍රදර්ශණය කළ පැය 12 ක ඉනිමද ක්‍රීඩා දිවියේ තවමත්  විශිෂ්ට උදාහරණයක් ලෙස සැලකේ.

2011 වසරේ ඉන්දියාව විසින් සිදු කරන ලද ජයග්‍රාහී එංගලන්ත සංචාරයේදී ඩ්‍රාවිඩ් ඔහුගේ සම වයසේ මිතුරන් අතර ඉහළින්ම කැපී පෙනුනේය. සත්කාරක එංගලන්තයට එරෙහිව  ඉන්දියාව විසින් 4-0ක අවමානයක් ලබාදුන් අතර, එහිදී ඩ්‍රාවිඩ්  ලකුණු 602ක් රැස් කළේය.

 තරගයක් අවසන් වන තුරු ඔහු තුළ පවතින එම අත් නොහරින උත්සාහවන්ත ආකල්පය ඔහුගේ පුහුණු කිරීමේ විලාසය තුළද හොඳින් පෙනේ.

හොදින් නිරීක්ෂණය කරන විට ඔහුට මෙම කාලය පහසු නොවන බව පෙනේ. නමුත් ඔහු ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ ජීවිතය තුළ මෙන්ම, පුහුණුකරුවෙකු ලෙස ද ඩ්‍රාවිඩ් වෙහෙස මහන්සි වී වැඩ කර ඇත. බොහෝ විට විවේචන නොසලකා හරිමින් සහ ඔහුගේ කීර්තිමත් ක්‍රියාවලියට අවධානය යොමු කර සිටී.

ඔහු 2016 වසරේ දී ඉන්දියාවේ වයස අවුරුදු 19 න් පහළ සහ A (කනිෂ්ඨ ජාතික පැත්ත) කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු බවට පත් විය.

එම වසරේ දී 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලානයේ අවසන් මහා තරගය දක්වා රැගෙන යාමට ඔහුට හැකියාව ලැබිණ. වසර තුනකට වැඩි කාලයක් කනිෂ්ඨ මට්ටමේ දක්ෂතා පෝෂණය කිරීමෙන් පසුව, ඔහු ජාතික ක්‍රිකට් ඇකඩමියේ (NCA) අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී. NCA යනු ක්‍රීඩකයින් ඔවුන්ගේ යෝග්‍යතාවය වැඩි දියුණු කිරීමට හෝ තුවාල වලින් සුවය ලබා ගැනීමට රැඳී සිටින වාරික මධ්‍යස්ථානයකි.



ඔහු එහි සිටින අතරතුර කාලය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ඉතා අර්බුදකාරී කාල පරිච්ඡේදයක් පසු කරමින් සිටියේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) කුසලානයක් සඳහා දිගු කාලයක් බලා සිටීමට රටට සිදු විය. රට අවසන් වරට ICC ඉසව්වක් ජයගෙන තිබුණේ 2013 වසරේදීය.

2019 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේදී නවසීලන්තය අතින් ඉන්දියාව හද කම්පා කරවන පරාජයකට ලක්විය.

2021 දී ඩ්‍රාවිඩ්ට කණ්ඩායමේ වගකීම පැවරුණේ එම පසුබිම තුළයි. කණ්ඩායම නිරන්තර වෙනස්කම් වලින් පීඩාවට පත් වූ අතර 2022 දී විරාත් කෝලි නායකත්වයෙන් ඉවත් වූ විට විශාල ගැටළු මතු විය .

ඩ්‍රාවිඩ් ඔහුට හුරුපුරුදු ක්‍රමයට යොමු විය. කතාවට වඩා ක්‍රියාවලිය විශ්වාස කරන ලෙසත් පරාජයන් ගැන කරදර නොවන ලෙසත් ඔහු කණ්ඩායමට පැවසීය.

ඔහුගේ ඇස යොමු වූයේ 2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය කෙරෙහිය. ඒ සදහා ඔහුට විවිධ සංයෝජන අත්හදා බැලීමට සිදු විය .  ඔහු තම ක්‍රීඩකයන්ට සහාය දුන්නේය.  KLරාහුල් කණ්ඩායමට ඇතුළත් කිරීම ගැන විචාරකයින් ප්‍රශ්න කරන විට දී පවා , ඔහු පිතිකරුට සහය දුන්නේය.

අද රාහුල් ඉන්දීය කණ්ඩායමේ කොඳු නාරටිය වී සිටින්නේ පිතිකරණයෙන් පමණක් නොව කඩුලු රැකීමේ ද දස්කම් නිසාවෙනි.

රාහුල් ඉදිරිපෙළ කඩුලු රකින්නෙකු නොවූ නමුත් ඔහු තරඟාවලියේ අනෙක් අය මෙන් හොඳ කාර්ය භාර්යක් සිදු කරයි. බොහෝ දෙනෙක් ශ්‍රෙයාස් අයියර්ගේ ස්ථානය ගැන ප්‍රශ්න කළ නමුත් ඔහු දැන් ඉන්දියාවට ක්‍රීඩා කළ හොඳම අංක 4 පිතිකරුවන්ගෙන් කෙනෙකි.

ඩ්‍රාවිඩ් ඔහුගේ පන්දු යවන්නන් සඳහා විශාල වශයෙන් ආයෝජනය කළේය. විශේෂයෙන් මොහොමඩ් සිරාජ්, මොහොමඩ් ෂාමි සහ ජස්ප්‍රිත් බුම්රා ඇතුළත් වේග සංචිතයන් සදහා ආයෝජනන සිදු විය.

කණ්ඩායම සකස් කිරීමේදී ඩ්‍රාවිඩ්ගේ කාලය මීට වඩා පරිපූර්ණ විය නොහැක. ඉන්දියාව ලෝක කුසලානයට යාමට පෙර පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට දරුණු පරාජයන් ලබා දුන්නේය. එමෙන්ම මෙතෙක් ඔවුන් තරගාවලියේ අපරාජිතව රැඳී සිටියි. දැන් ක්‍රීඩා දිවිය තුළ තිබූ ඔහුගේ අභිලාෂය අතර ඇත්තේ තවත් එක් බාධකයක් පමණි.