ranil-hirunika-arrested

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.


2022 වසරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට ගිනි තැබූ ජූලි 9 දාට දින දෙකකට පෙර ජූලි 7 දා ‘රානිල් මේ අහන්න‘ කියමින් සිදු කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කළ බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිසකට චෝදනා එල්ලවී තිබුණි.



අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර  අධිකරණයේ පෙනී නොසිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අසනීපයෙන් පසු වන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දැනුම් දී තිබුනත් අසනීපයට අදාළ වෛද්‍ය සහතිකය මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටි අවස්ථාවේ එය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන්  කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (10) මෙම නියෝගය නිකුත් කලේය.



හිරුණිකාට අමතරව නිරූපමා කරුණානායක, සප්නා දීපිසිකා, චමිලා නිලානි අබේකෝන්, රොසෙල් විජේරත්න, සඳරුවන් රොද්‍රිගු, යූ ප්‍රකාශ්, ගිහාන් අල්මේදා, රවීන්ද්‍ර පනාවිල, විජේරත්න ජයවික්‍රම, රම්සික, කාවින්ද උදයංග ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබු අතර
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති සෙසු සැකකරුවන් 10 දෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියත් හිරුණිකා සහ තවත් අයෙකු පෙනී නොසිටි නිසා එම දෙන්නාට අත්අඩංගුවට ගන්නා වරෙන්තු නිකුත් විය.