ranil-roshan-cricket

ඊයේ නෙරපීමට ලක්වූ රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්යාලයට ගොස් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ කතා කළේ මන්දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසානයට ඔහු ඊයේ දහවල් එක්වූ කැබිනට් රැස්වීමේදී ජනපති ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ. ක්‍රිකට් අර්බුදය විසඳීමට  අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් ප්‍රශ්න යොමු කර නැති අතර මහවැලි ඉඩම් බෙදාදීමේදී රොෂාන් අමාත්‍යවරයා ලෙස තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ යෝජනා වී ඇති බහුතරයක් තම දේශපාලන හිතවතුන් සහ ඥාතීන් වන්නේ මන්දැයි ජනාධිපතිවරයා විමසා ඇතැයි වාර්තා විය.



පසුව එම ප්‍රශ්න දෙකටම අමාත්‍යවරයා පිළිතුරු නොදීම හේතුවෙන් කැබිනට් සාමූහික වගකීම බිඳවැටීම පෙන්වාදී අමාත්‍යවරයා සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් භාරදුන් බවද දැනගන්නට ඇත.

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට තමන් විපක්ෂ නායක කාර්යාලයට ආරාධනා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මිස දේශපාලන කුමන්ත්‍රණයකට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීම සඳහා මහ කොමසාරිස්වරයාගේ මැදිහත්වීම ලබා ගැනීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට රොෂාන් රණසිංහට ද එම අවස්ථාවට ආරාධනා කළ බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.



“මම ඉන්දීය මහ කොමසාරිස්තුමා සහ රොෂාන් රණසිංහ සමඟ සාකච්ඡා කළේ ක්‍රිකට් තහනම ඉවත් කරන්න මිස දේශපාලන කුමන්ත්‍රණයක් සැලසුම් කරන්න නෙවෙයි. රොෂාන් රණසිංහ විපක්ෂ නායක හමුවුණා කියලා දැන් චෝදනා කරනවා. අනෙක් කැබිනට් ඇමැතිවරුත් ඇවිත් මාව හමුවෙනවා. ඔවුන් එන්නේ නැහැ. දේශපාලන කුමන්ත‍්‍රණයක යෙදෙන්න” යැයි ඔහු පැවසීය.