රත්නපුර වැලිගෙපොල පනාන හපුගස්තැන්න ප්‍රදේශයේ නිවාස හා ප්‍රදේශයේ භූමිය ඉරිතලා නාය යාමේ අවදානමකට පත්වීමෙන් එම ප්‍රදේශයේ පවුල් තිස් හතරක සාමාජිකයන් හැත්තෑවක් පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරුද්ද ජයකොඩි මහතා පවසයි.



අවතැන්වූ සාමාජිකයන්ගෙන් කොටසක් පනාන ශ්‍රී විමලවංශ විද්‍යාලයේ ශාලාවක පංති කාමරයක රඳවා ඇති අතර අනිත් පිරිස තම තමන්ගේ ඥාති නිවාස වල රඳවා ඇතැයිද එම පිරිස්වලට අවශ්‍ය කරන වියළි ආහාර ලබාදී ඇති බවද ලේකම්වරයා පවසයි.

තම ගම්මානය 1994 වසරේ නාය යාමකට ලක්වී ඇති බවත් අවදානමට ලක්වූ අයට එවක රජය ආරක්ෂිත ප්‍රදේශයක් වන පනාන නොම්මර එක ප්‍රදේශයෙන් ඉඩම් ලබා දුන්නද එම ඉඩම් රජයෙන් නිරවුල් නොකිරීමේ හේතුවෙන් වෙනත් පිරිසක් එම ඉඩම් භුක්ති විදීමට පටන් ගත් නිසා එම ඉඩම් තමන්ට අහිමි වූ බව අවදානමට පත්වූ පිරිස් පැවැසූහ.

  පල්ලේබැද්ද රෝහණ සමරවීර