ridiyagama-safari-issue

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදීයගම සෆාරියෙහි දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් මංකොල්ලයක් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන බව සංචාරක රාජ්‍ය අමත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නෙරංජන් ද අල්විස් මහතා පැවසීය.

සත්ත්ව උද්‍යානයක් ලෙස මෙහි මහජනයාගෙන් මුදල් අයකිරීම විවිධ අයුරින් සිදුකරන අතර, එහි මීට පෙර සිටි බහුතරයක් වු සතුන් දෙහිවල සත්ව උද්‍යානයට ගෙන ගොස් තිබේ.



මෙම සත්ත්ව උද්‍යානය නැරඹීම සඳහා දේශීය සංචාරකයන්ගෙන් රුපියල් 500ක්ද, කුඩා දරුවන්ගෙන් රුපියල් 200ක්ද, විදේශිකයන්ගෙන් මෙම මුදල මෙන් තුන්ගුණයක්ද අය කරන අතර, එහි සතුන් දැකීමට නොලැබීම ගැටලුවක් බව මාධ්‍ය ලේකම්වරයා පැවසීය.

මුවන්,වල් ඌරන්, මොනරුන් වැනි දකුණු පළාතේ බහුලව දැකිය හැකි සාමාන්‍ය සතුන් හැරුණුකොට විශේෂ වූ සත්ත්වයන් කිසිවෙකුත් මෙම සත්ත්ව උද්‍යානයෙහි නොමැත.

සිංහයන් වෙනුවෙන් වෙන්කර ඇති කලාපයට සංචාරකයන් රැගෙන යන මගපෙන්වන්නන් සිංහයන් කැලේ මැද ඇති බව පවසමින් සිංහයන්ගේ හඬ  sound woofer මගින් ඇසෙන්නට සලස්වා තිබේ.



මෙවැනි අවිධිමත් සත්ත්ව උද්‍යානයක් වසා දමා මෙවැනි ජාවාරම්වලට තිත තබන ලෙස ඉල්ලා සිටිමින් මේ පිළිබඳව ජනාධිපති පැමිණිලි අංශයට පැමිණිල්ලක් දැමූ බව මාධ්‍ය ලේකම් නෙරංජන් ද අල්විස් මහතා වැඩිදුරටත් පැවසීය.