ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දැනට දරන අමාත්‍යධුරය තවදුරටත් පවත්වාගෙන නොයෑමට ඉඩ ඇති බවත්, ඔහු ඉල්ලා අස්වීමට හෝ ඉවත් කිරීමට ඉඩ ඇති බවටත් මත පළවෙමින් තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.
රණසිංහ අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේ තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉදිරිපත් වූ බවයි.
අමාත්‍යවරයා මේ වන විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා විය.
පසුගිය දිනවල ඇතිවූ ක්‍රිකට් ප්‍රශ්නයෙන් අනතුරුව ඔහු ජනපතිවරයාව මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක දෝෂ දර්ශනයට ලක් කර තිබුනි. ඊට පෙර කැබිනට් මන්ඩල සාකච්ඡාවේදී ඔහුගේ කටයුතු ජනපති විවේචනය කර තිබූ අතර ක්‍රීඩා ඇමතිගේ ඇතැම් බලතල ඉවත් කරන බවට අනතුරු ඇඟවීමක්ද කර තිබුනි.
ඔහු දේශපාලන පිල්මාරුවකට සූදානම් බවටද ආරංචි පැතිර තිබේ.
0 Comments