roshan-ranasinghe-speaks

ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව ජනාධිපතිවරයා විසින් එම ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අද (27) පස්වරුවේ ඔහු ක්‍රීඩා අමාත්‍යංශයෙන් පිටව ගිය අවස්ථාවේ මාධ්‍ය අමතා ප්‍රකාශයක් ලබා දුන්නේය. එහිදී තමාගේ තනතුරට අනුව දූෂණයට සහ වංචාවට එරෙහිව කටයුතු කිරීම උත්සාහ දැරීම නිසා අවසානයේ තමාව ඇමති ධූරයෙන් ඉවත් කර ඇති බවත් 'දැන් හොරු දිනලා තියෙන්නෙ' යනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේය.
“මම හැට නම ලක්ෂෙ ජනවරමේ දායකයෙක්. ඡන්ද ප්‍රතිශතයෙන් ලංකාවෙ 10 වෙනියට ආපු පුද්ගලයා. මාව ඉවත් කරන්න ජනාධිපතිවරයාට සදාචාරයක් තියෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. මේක හරිගස්සන්න වෙන්නෙ ඊළඟ ජනාධිපතිවරනේදි. තව ටික දවසයි තියෙන්නෙ.ඊළග ජනපතිට තමා රට ගොඩනැගීම තියෙන්නෙ.”
තමා දේශපාලන වශයෙන් තවම වෙනසක් කිරීමට තීන්දුවක් ගෙන නැතැයිද ඔහු කීය.




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි අත්හිටුවා ඒ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුන පසු නැවත හෙටට කල් දමා තිබේ.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ අතුරු තහනම් නියෝගය සහ නොතීසි ලබාගෙන තිබෙන්නේ සත්‍ය කරුණු වසන් කිරීමෙන් බවත් ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටි අතර ඉන් අනතුරුව වැඩිදුර සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණි.



මේ අතර හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ පැමිණිල්ලකට අනුව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශය ගැනීම අද (27) තුන්වන දිනටත් සිදුකර අවසන් කළ බව ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකය පැවසීය. එම අවස්ථාවට ගොස් පැමිණි ප්‍රමෝද්‍ය කියා සිටියේ තමා සාක්ෂි ලබාදුන් පසු ඇමති අස් කළ බව දැනගන්නට ලැබුණ බවත් 'ගහපු බෙරයකුත් නැතැයිද බෙරේ පලුවකුත් නැතැයිද' යන උපමාව සිහිපත්වන බවය.