roshan-ranasinghe-sport-minister-step-down

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතු බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙයි. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් තිබූ බලතල සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඔහු ඉවත් කළ බව අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපියකින් සදහන් කර තිබේ.




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ ගැටලුව මෙම වෙනසට හේතුවී ඇත. ෂම්මි සිල්වා පාර්ශ්වය චෝදනා කර තිබුනේ ඇමතිගේ බලපෑම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ දේශපාලන බලපෑම් මතුව ඇති බවයි. මේ නිසා අයිසීසීය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ අතර පසුගියදා පැවති රැස්වීමේදීද තහනම සනාථ කර තිබුනේ ඇමති සිටින තුරු ක්‍රිකට් තහනම ඉවත් කළ නොහැකි බව පවසමිනි. මේ අතර අයිසීසී ප්‍රධානියා සෘජුව ජනපති අමතා හෝ හමුවී මේ ගැන කරුණු පවසන බව දන්වා තිබුනි.
ඇමති ධූරය ඉවත් කර ඇත්තේ මෙම පසුබිමේය. මේ වනවිට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මෙම තීරණය දැනුම්දී තිබේ.