roshan-shammi-debate

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන මුල් වටයෙන් ඉවතට විසිවී ක්‍රිකට් රසිකයින්ට කිසිදු උණුසුමක් නොදැනෙන තත්වයක් මතුව ඇති නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ රොෂාන් - ෂම්මි ගැටුම උණුසුම් මුහුණුවරකින් පවතී.
අද දින පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මේ ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර ඊට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු නිවේදනයක් මාධ්‍ය වෙත යොමු කරන්නට ෂම්මි සිල්වා කටයුතු කළේය.

දැන් ජනාධිපතිවරයාට පහසු බවත් එතුමාට තෝරා ගන්න ඇත්තේ සූදු ෂම්මි ද රොෂාන් රණසිංහ ද යන දෙකෙන් එකක් බව ක්‍රීඩා යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී පැවසුවේය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රිකට් අතුරු කමිටුව තහනම් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම  සඳහා යම් හෝ  බලපෑමක්   ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකිවයුතු නිලධාරීන් හෝ ජනාධිපති
උපදේශකයින් සිදු කළ බව ඇමති කීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද පාර්ලිමේන්තුවේ දි විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.



ක්‍රිකට් අතුරු කමිටුව තහනම් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම  සඳහා යම් හෝ  බලපෑමක්   ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකිවයුතු නිලධාරීන් හෝ ජනාධිපති උපදේශකවරුන් සිදුකළ බව ඇමතිවරයා පැවසුවේය.

එසේම මෙම නිලධාරීන්  අමාත්‍යවරයා ලෙස ක්‍රීඩා සංගමයක ක්‍රිඩා වැරදි වැලැක්වීම සඳහා ගත යුතු   ක්‍රියාමාර්ග මොනවා ද යන්න අතිගරු ජනාධිපතිතුමා දැනුම්වත් කර නොමැති බවත් මා හට දැනෙන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

“මේ ක්‍රිකට් එකට කඩේ යන නිලධාරියෙක් දෙන්නෙක් මේක ඇතුලෙ ඉන්නවා. ජනාධිපතිතුමාට තීන්දුවක් ගන්න පුලුවන්. සූදු ශම්මි ද. රොෂාන් රණසිංහ ද?”

“ලේසියි… දෙකින් එකයි. මම මැද නෑ. “

“ කාර්ය මණ්ඩලයේ ඔබ ලඟ ඉන්න පුද්ගලයො  සම්බන්ධව  විමර්ශනයක් කරලා බලන්න.   මට මතකයි ඔබතුමා ඔබතුමාගේ  පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකුගේ වැඩ තහනම් කළා. ඔබතුමා  එහෙම තින්දු ගත්තා. ඔබතුමාට කියන්න ඕන ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත්  ඉන්නවා කඩේ යන අය.



“ජනාධිපති තුමාට දන්වලා නෑ, කැබිනට් මණ්ඩලයට දන්වලා නෑ කියලා කවුද උදේ මාධ්‍ය ප්‍රකාශය යැව්වේ. ජනාධිපති තුමා නොදන්න  ගොඩාක් දේවල් වෙනවා. මීට කලින් ජල ප්‍රශ්නය ගැන කතා කරනවා කියලා ජනාධිපතිතුමා ඇමති ධූරය ගැන කතා කරනවා කියලා මාධ්‍යයට ගියා. ජනාධිපතිතුමා දන්නෙත් නෑ.”


මේ අතර විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා එල්ල කර ඇති බව ශ්‍රී ලංකා නිවේදනය කළේය.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ලබන වසරේ දී මෙරට පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම අරමුණ බවයි.



එම තරගාවලිය 2024 ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ඒ සම්බන්ධයෙන් තමන් මේ දිනවල කැප වී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

විශේෂයෙන් මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සවි කිරීම සහ එහි අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම 2023 ආසියානු කුසලාන තරගාවලියට සාපේක්ෂ ව ආරම්භ කළ බවත් ආනයන සම්බාධක හේතුවෙන් එහි කටයුතු අපේක්ෂා කළ පරිදි නිම කිරීමට නොහැකි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එබැවින් එම ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නැවත ස්ථාපනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 1.5ක් වියදම් කර ඇති බවට යෝජනා කළහොත් එය සත්‍ය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.