school-buildings-on-rsik

පාසල් 74ක අවදානම් ගොඩනැගිලිවලින් දරුවන් ඉවත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) පැවසීය. ගොඩනැගිලි ඉදිකරන තුරු එම දරුවන් වෙනුවෙන් විකල්ප ස්ථාන වෙන් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා අවදානම් ස්ථාන පවතින්නේ නම් ඒ ගැන විශේෂ අවධානය යොමු කරන ලෙස රට පුරා සියලු පළාත් පාසල් බලධාරීන්ට දැනුම් දුන්නේ යැයි ද ප්‍රකාශ කළේය.



වැසි සහිත සමයක් පවතින හෙයින් ගොඩනැගිලිවල අවදානම් තත්වයක් නිර්මාණය විය හැකි බවද ඔහු සඳහන් කළේය.අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. උදාහරණයක් වශයෙන් තංගල්ල බාලිකා විද්‍යාලය, ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා හමුදාව දාලා හදාගෙන යනවා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ තට්ටු හතරක ගොඩනැගිල්ලෙන් පන්ති විසිහතරක් ඉවත් කරලා ක්‍රීඩාංගනය වටේ තාවකාලිකව පන්ති පවත්වාගෙන යවා. 2019, 2020, 2021 සහ 2022 අවුරුදු හතරටම ප්‍රතිපාදන වෙන් කරලා තිබුණේ නැහැ. එකක් කොවිඞ්, ඊට පස්සේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්න. මේ අවුරුද්දේ ඒ පාසල්වලට ප්‍රමුඛතාව දෙනවා යැයි ද ඔහු කීය.


අංජුල මහික වීරරත්න