shammi-roshan-arjuna-cricket

 ක්‍රිකට් පාලක මණ්ඩලය තාවකාලිකව අත්හිටුවමින්  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට අත්සන් තබා තිබේ.1973 අංක 25 දරන ක්‍රීඩා නිතියට අනුව ඇමතිවරයාට පැවරී ඇති බලතල මත ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරුපාලක කමිටුවක් ඒ අනුව පත්කර තිබේ.අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිය.
අර්ජුන රණතුංග සභාපතිත්වයට දරන  සමාජිකයන් 07 දෙනෙකුගෙන් යුතු කමිටුවක් අමතාවරයා විසින්  එම අතුරු කමිටුවට පත් කර තිබේ.‍කමිටුවේ සාමාජිකයින් වනුයේ


අර්ජුන රණතුංග (සභාපති), විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු එස්.අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මාහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ, හිෂාම් ජමාල්ඩීන්.
මේ අතර කඩා වැටී ඇති ක්‍රිකට් ගොඩගැනීම සඳහා හිටපු ක්‍රීඩකයින්ට එක්වන ලෙස තමා ඉල්ලීමක් කරන බව නව අතුරු කමිටුවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග නව පත්වීමප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව
 අද (06) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
ඔහු තවදුරටත් කියා සිටියේ ක්‍රිකට් දූෂණ වංචා ගැනද සොයා බලන බවයි.