shammi-silva-vs-arjuna-ranathunga

මේ වනවිට ‘නාකි ලෙජන්ඩ්‘ කෙනෙකු ගැන සමාජ මාධ්‍ය තුළ තොරතුරු පළවෙමින් තිබෙන අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩක අර්ජුන රණතුංග හා නාලන්ද විදයාලයේ ක්‍රීඩක ෂම්මි සිල්වා ගැන විස්තර හුවමාරුවේ.
ෂම්මි සිල්වා කොළඹ නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ 1980 දීය. 51 වනආනන්ද-නාලන්ද  සුලෝහිත සංග්‍රාමයට ඔහු සම්බන්ධ වන අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්වේ. ෂම්මි පස්වන වසරේ වර්ණලාභියෙකු බවත්. කඩුලු 70කට වඩා දවාගෙන එවක පාසල්වල සිටි හොඳම පා දඟ පන්දු යවන්නෙක් බවත් විස්තර කර තිබේ. 1980 වාරයේ ලකුණු 600කට වඩා වැඩිය ලබාගත් දකුණත් පිතිකරුවෙකු බවද ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම සමඟ එංගලන්ත සංචාරයක නිරතවූ බවද දැක්වේ.




අර්ජුන රණතුංග කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් කන්ඩායම නියෝජනය කරමින් ඊට පසු වසරේ 1981 කනිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස එකතුවේ. අනතුරුව 1982 දීද ඔහුට කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ලැබේ. අර්ජුන පාසල් කණ්ඩායමේ නායකත්වය දැරීමට අවස්ථාව උදාකරගත්තේ නැත.ඔහු සම්බන්ධවූ1981 පැවති 51 වන සුලෝහිත සංග්‍රාම ගැටුම ජය පරාජයෙන් තොරව අවසන් වන අතර 1982 පැවති තරගයේදී ආනන්ද කණ්ඩායම ජයග්‍රහණය කරයි.
 ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයට සහභාගි වන විට අර්ජුනට වයස අවුරුදු 18 කි.  ඔහු රටේ පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තාපොතට එක් කළ ක්‍රීඩකයා විය. මද වේග පන්දු යවන්නෙකු ලෙසද ප්‍රකට විය.
 වසර 20කට ආසන්න කාලයක් ලොව පුරා ක්‍රිකට් පිටියේ චරිතයක් වූ ඔහු ඔහුගේ ක්‍රීඩකයන් වෙනුවෙන් අයිතීන් ආරක්ෂා කරමින් කිසි විටෙකත් නොසැලී සිටි අයෙකු වූ අතර මේ නිසාම මුරලිදරන් වැනි ක්‍රීඩක සම්පත් සුරැකිනි.1996 ලෝක කුසලාන ජයග්‍රහණයට ඔහුගේ නායකත්වය හේතුවිය.

අර්ජුන රණතුංග උපත ලබන්නේ 1963 දෙසැම්බර් 01 වනදාය.(වයස 59)
ෂම්මි සිල්වා උපත ලබන්නේ ඊට පෙර  1960 අගෝස්තු 07 වනදාය. (වයස 63)
ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ සමරු සටහන් පොතේ විස්තර පහතින්