ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාට අයත් දේශීය රක්ෂණාවරණ දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පුද්ගලික රක්ෂණ සමාගම් දෙකකට කර තිබූ නියෝග ඊයේ (15) ඉවත් කළාය.
මරණකරු මෙම රක්ෂණාවරණ ලැබෙන ප්‍රතිලාභීන් වශයෙන් තුන්වන පාර්ශ්වයක් නම් කර නොමැති අතර ඒ සඳහා මරණකරුගේ බිරිඳ වන ටානි ශාෆ්ටර් යන අය නම් කර ඇති බවට කරුණු අනාවරණය වූ බැවින් එම රක්ෂණාවරණ සඳහා පනවා තිබූ අත්හිටුවීමේ නියෝගය ඉවත් කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව ඉකුත් 08 වැනිදා අධිකරණයෙන් මෙම අත්හිටුවීමේ නියෝගය නිකුත් කර තිබුණේ “ෆෙයාර්ෆස්ට්” සහ “ජනශක්ති” යන පුද්ගලික රක්ෂණ සමාගම් දෙකෙහි ප්රධානීන්ටය.මෙරට මෙරට පුද්ගලික සමාගම් දෙකක් වන “ෆෙයාර්ෆස්ට්” සහ “ජනශක්ති” යන පුද්ගලික රක්ෂණ සමාගම්වල දිනේෂ් ෂාෆ්ටර් මහතාට අයත් රක්ෂණාවරණවල රුපියල් මිලියන 62 ක පමණ මුදලක් ප්රතිලාභ වශයෙන් ලැබීමට නියමිතව ඇති බවට තොරතුරු හෙළිවී තිබූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළ මෙතෙක් ලබා නොදුන් සියලු රස පරික්ෂක වාර්තා වහාම අපරාධ පරික්ෂණ ද පා ර් ත ම් න් තු ව ට ලබා දෙන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයා වෙත ද නියෝගයක් නිකුත් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන මාර්තු මස 20 වැනිදා අධිකරණයට
ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරික්ෂණ ද පා ර් ෙම් න් තු ව ට නියෝගයක් නිකුත් කරමින් එදින තෙක් නඩුව කල් තැබීය. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති කළ පීඩනයක් හේතුවෙන් සිදුවූ අපරාධයක් බව අධිකරණය මරණ පරීක්ෂණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ඉකුත් 01 වැනිදාය.
ඒ අනුව, මෙය අපරාධයක් බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කළේය. ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී ඔහුගේම මෝටර් රථය තුළ දෑත් බැඳ ගෙල සිරකර සිටියදීසොයාගත්තේ ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා ය. පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදින රාත්‍රියේ මියගියේය.
නිමන්ති රණසිංහ
0 Comments