ක්‍රීඩා අමාත්‍යවරයාගේ අපහාසාත්මක ප්‍රකාශවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිමය පියවර ගෙන ඇතැයි අද වාර්තා විය.ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් දිගින් දිගටම සිදුකරන සහ හානිදායක අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කීර්ති නාමය සහ අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා තීරණාත්මක පියවරක් ගත් බව දක්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, උප සභාපති සහ භාණ්ඩාගාරික එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් රුපියල් බිලියන 2.4 ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ඇමති රොෂාන් රණසිංහට එරෙහිව අපහාස නඩුවක් ගොනු කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දිගින් දිගටම අසත්‍ය හා හානිකර ප්‍රකාශ ප්‍රචාරය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපයට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල හානියක් සිදු කර ඇතා බවත් එහි ඉහළ නායකත්වය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සියලු උත්සාහයන්හිදී විනිවිදභාවය, වගවීම සහ සාධාරණ ක්‍රීඩා කිරීම තහවුරු කිරීමට කැපවී සිටින බවත් දක්වා තිබේ.
ක්‍රීඩා සමාජය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවරයට සිදුවී ඇති අනවශ්‍ය හානිය නිවැරදි කිරීම මෙම නීතිමය ක්‍රියාමාර්ගයේ අරමුණ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ එහි සාමාජිකයන්ගේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර අවශ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විශ්වාස කරන බව දන්වා ඇත.
0 Comments