south-korea-robo-killed-man

දකුණු කොරියාවේ රොබෝ යන්ත්‍රයක් මගින්  පුද්ගලයෙකු ඉතා ඛේදනීය අයුරින් ජිවිතක්ෂයට පත් කළ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම රොබෝ යන්ත්‍රයට සේවකයා සහ  ආහාර  පෙට්ටි වෙන්කර හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රොබෝවරයා පුද්ගලයා ආහාරය සේ සලකා පොඩි කර මරා දමා ඇති බව වාර්තාවේ.
40 හැවිරිදි වියෙහි පසුවූ මියගිය පුද්ගලයා එම ආහාර නිෂ්පාදනාගාරයට රොබෝ යන්ත්‍ර සැපයුම් කළ සමාගමේ  සේවකයෙකි.
ඔහු රොබෝවරයා පරීක්ෂා කරමින් සිටියදී අනපේක්ෂිත ආකාරයට මෙම සිද්ධිය සිදුව තිබෙන බව පැවසේ.


රොබෝ අත මගින්  එළවළු පෙට්ටියක් ලෙස මිනිසාව හැදිනගෙන, ඔහුව  අල්ලා, ඔහුගේ සිරුර වාහක පටියට තල්ලු කර ඔහුගේ මුහුණ සහ පපුව කුඩු කර දැමූ බව දකුණු කොරියානු ප්‍රවෘත්ති ඒජන්සියේ යොන්හැප් පවසා ඇත.
ඔහු රෝහලක් වෙත  යවා ඇතත් පසුව මිය ගොස් ඇති බව සදහන් වේ..
යොන්හැප්ට අනුව, රොබෝවරයා යොදාගෙන තිබුනේ  ගම්මිරිස් පෙට්ටි ඔසවා ඒවා පැලට් මතට මාරු කිරීමේ කාර්ය සදහායි.
මෙම පුද්ගලයා නොවැම්බර් 8 වැනිදාට නියමිත දකුණු ග්යොංසාං පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කම්හලේ පරීක්ෂණයට යාමට  පෙර රොබෝවරයාගේ සංවේදක මෙහෙයුම් පරීක්ෂා කරමින් සිටි බව පොලිසිය  වැඩිදුරටත් පවසයි.


රොබෝ අත නිෂ්පාදනය කළ සමාගමේ සේවකයෙකු වන මෙම පුද්ගලයා බදාදා රාත්‍රියේ යන්ත්‍රය පරීක්ෂා කරමින් සිටියදී එය ක්‍රියා විරහිත විය.
සිද්ධියෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින්, ව්‍යාපාරය  අයිති Donggoseong අපනයන කෘෂිකාර්මික සංකීර්ණයේ නිලධාරියෙක් "නිශ්චිත සහ ආරක්ෂිත" පද්ධතියක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙය එලෙස සිදුවීමක්  වාර්තා වූ පළමු අවස්ථාව නොවේ.මීට පෙරද මාර්තු මාසයේදී, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටියදී, 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු රොබෝවරයෙකුට හසුවීමෙන් බරපතල තුවාල ලැබු බව සදහන් ය.