ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරීන් අඟහරුවාදා දින කෝප් කමිටුවේ පැවති විමර්ශනය හමුවේ අදහස් දක්වන්නට පැමිණ තිබුණි.
මෙහිදී හිටපු ක්‍රීඩා ඇමතිවරුන් වන දයාසිරි ජයසේකර හා මහින්දානන්ද අලුත්ගමගේ පැමිණ අදහස් දැක්වූ අතර සභාපති මහාචාර්ය රංජිත් බන්ඩාර මෙහෙයවීම සිදුකරද්දී ජාජබ නායක අනුර කුමාර දිසානායක,විගණකාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සමග ක්‍රිකට් ප්‍රශ්න සම්බන්ධ අදහස් හුවමාරු කෙරිණි. වත්මන් ඇමති රොෂාන් රණසිංහ සහභාගීවූයේ නැත.
මෙහිදී පළවූ එක් කරුණක් වූයේ ආන්දෝලනාත්මක ඕස්ට්‍රෙලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව සිදුවූ බවයි.
මෙම තරගාවලියට යාමට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇමති අත්සන් කළ නමුත් විධායක කමිටුවේ ගමනට ඇමති අත්සන් කර නැති බව ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා පිළිගත්තේය. එනමුත් ඔවුන් එම ගමනට ගොස් ඇත්තේ ඇමතිවරයාගේ අකමැත්ත තිබියදී හිටපු ලේකම් අමල් හර්ෂ ද සිල්වාගේ අනුමැතිය ලබාගෙනය.
ක්‍රීඩා පනත අනුව මෙම ගමන වරදක් සිදුකර ඇතැයි විගණකාධිපතිවරයා දන්වා සිටියේය.
විගණකාධිපතිවරයා තවත් අවස්තාවක සැකසහිත ගනුදෙනුවක් ගැන සඳහන් කරමින් කියා සිටියේ මෙම ගමනේ සභාපතිගේ හෝටල් ගාස්තු, ප්‍රවාහන වියදම් ආදී ලෙස දිගු ලැයිස්තුවක් සඳහන් කරමින් මිලියන 38 ක මුදලක් විගණනය ආරම්භයේදී ඉන්වොයිස කිසිවක් නැතිව ගණන් තබා ඉවත් කර තිබුණ නමුත් විගණනය අවසන් වන්නට පෙර එම මුදල නැවත ගිණුම් ගත කරන්නට ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවයි.
මෙම පැනය නැවත නැවත ඇසුවත් ක්‍රිකට් ආයතනය පැත්තෙන් සාර්ථක පිළිතුරක් ලැබුනේ නැත. ඔවුන් පසුව සදහන් කළේ සභාපතිවරයාගේ වියදම් අයිසීසීය මගින් ගෙවන බවයි.නමුත් එයත් විගනනයට ඉදිරිපත් කළ දත්තත් අතර සම්බන්ධයක් ගලපා පෙන්වන්නට ආයතනයෙන් ආ පිරිසට හැකිවූයේ නැත.
මේ අතර දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ ක්‍රිකට් ආයතනය ඇතුළු සියලු ක්‍රීඩා සමිති සමාගම් අධීක්ෂණය හා පාලනය ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් යටතේ තිබෙන නමුත් එම තනතුර දරන කෙනා මේ දක්වා නිහඩ බවයි.
එසේම දයාසිරි මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍යවරු සම්බන්ධ කර නොගෙන ඔවුනගේම වෙනම වෛද්‍ය කණ්ඩායමක් දීර්ඝකාලීනව තබාගනිමින් ක්‍රීඩකයින්ගේ ආබාධ සදහා ප්‍රතිකාර කරන නමුත් ඒවා බොහෝ විට අසාර්ථක බවයි. වනිදු හසරංග ඇතුළු ක්‍රීඩකයින්ගේ නම් සදහන් කරමින් වෛද්‍ය ප්‍රතිකාරවල දෝෂ ඔහු පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවේදී ආන්දෝලනාත්මක කතාබහක් කළ ෂම්ම් සිල්වා පැමිණියත් අදහස් දැක්වීම් වලින් බොහෝදුරට වැළකී සිටි අතර තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය කථා කලේද අඩු අවස්ථා ගණනකි.
සම්පූර්ණ සාකච්ඡාව තුළ සැක සහිත කරුනු ගැන විපරම් කිරීම හා හේතු විමසීම පමණක් සිදුවූ අතර ඉදිරියේදී මෙවැනි වැරදි නොකරන්නට උපදෙස් දුන්නා පමණි.
වීඩියෝව පහතින්
0 Comments