sri-lanka-cricket-media

ලෝක කුසලාන තරගාවලිය අසාර්ථකව නිමා කරමින් පසුගියදා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ හා පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී පුහුණු උපදේශක මහේල ජයවර්ධන, නායක කුසල් මෙන්ඩිස් අදහස් දැක්වීම් සිදු කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මෙසේ කීය,

“දසුන් නායකත්වයෙන් අයින් කරන්න කියලා බලපෑමක් තිබුණේ නැහැ. දසුන් ආබාධායකට ලක්වුණා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව තමයි ක්‍රියා කළේ. ඒ අනුව 15 සංචිතයෙන් එළියට දාලා චාමික ව ගේන්න වුණා. තුන් ඉරියව් ක්‍රීඩකයකු අවශ්‍ය නිසා.
 නැත්නම් අපිට අර සංයුතිය හදාගන්න බැහැ.“
අපේ කාණ්ඩායම ගැන විවිධ අදහස් ආවා.ක්‍රිකට් කණ්ඩායමක් හදන්නෙ අපේ සැලැස්මට සහ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය මත ඒත් මේ තමයි ලංකාවේ ඉන්න හොඳම 11. හැබැයි ඒ 11 ලෝකේ හොඳ ක්‍රීඩකයින් නෙවෙයි.  ෆෑන්ස්ලා වුණත් බලාපොරොත්තු තියා ගද්දි යථාර්ථවාදී වෙන්න ඕනා. මම හිතුවෙත් හයට හතට එයි කියලා. ඒත් බැරිවුණා’



 මෙම තරඟය නිමකළ ආකාරය පිළිබඳව කණගාටුවනවා. කුසලතාවල තිබූ දුර්වලතා නිසා ජයග්‍රහණය කිරීමට තිබූ තරඟ කිහිපයක් පරාද වීමට සිදු වුණා. ලකුණු ලබා ගැනීම්ට තිබූ අවස්ථා කිහිපයක් මගහැරී ගියා.ලකුනු 30 ක් ගැහුවනම් චැම්පියන්ස් යන්න තිබ්බා තමා ඒත් බැරිව ගියා.කණ්ඩායමේ හදාගතයුතු වැරදි තිබෙනවා.
 ඉන්දියාව සමඟ තිබූ තරඟයේදී  උඩ පන්දු දෙකක් ක්‍රීඩකයන් අතින් ගිලිහුණා. එම උඩ පන්දු දෙක රැක ගෙන කඩුලු දවාගැනිමක් සිදුවූයේනම් හොදට පන්දුවට මුහුණ දී ලකුණු ලබාගත්තේ නම් තරඟ ජයග්‍රහණය කිරීමටත් හැකියාව තිබුණා.

අපි ගත් තීරණ සඳහා අපි වගකිවයුතුයි.  මේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් වැරැද්දක් තිබේනම් එයද භාරගැනීමට සූදානම්.

මැතිව්ස් අතින් පොඩි වැරැද්දක් වුනා. ඒ කියන්නේ ඔහුට එතනට යන්න තියෙන කාලය අනුව පොඩ්ඩක් ඉන්න වුණා. එයාට ඒ කාලය විනාඩි දෙකක් තියෙද්දී ඒක වුනේ. වීඩියෝ පටය  මම ගිහිල්ලා පෞද්ගලිකව චෙක් කරා මං ඒ ඩී බස් එකට ගිහිල්ලා ඒ ගොල්ලන්ගෙන් ඔරිජිනල් වීඩියෝ එකත් අරගෙන මං චෙක් කරා ඇන්ජි ගිහිල්ලා එයාට තව තත්පර පහක හයක කාලයක් තිබ්බා.
විනිසුරුවන්ගෙන්  වැරදි දෙයක් වුණා. ඔවුන්ට තිබ්බා ඇන්ජිට ඒකාලේ ලබාදෙන්න බංග්ලාදේශ කැප්ටන් ටත් තිබ්බා මහත්මා ගතියක් පෙන්වන්න. නමුත් වෙච්ච දේ ඉවරයි. අපිටත් හොඳ අත්දැකීමක්.
ඉතිං ඒක අනුව අපි රිපෝට් එකක් දුන්නා අයි සී සී එකේ අයට. ඒවගේම තරගය ඉවර වුනාම විනිසුරුවන් එක්ක කථා කරා. වැරැද්දක් තමයි  අවාසනාවන්ත දෙයක්

 අලුත් ක්රිකට් කියන්නේ සෝෂල් මීඩියා එක්ක යන දෙයක් . ඒ සංස්කෘතියත් එක්ක අනිවාර්යෙන්ම අවශ්ය කරන උදව් ලැබෙන්න ඕනේ. හැබැයි මම හිතනවා අපිට ඊට වඩා දෙයක් ක්රීඩකයන්ට තවත් කරන්න පුළුවන් කියලා අපි ඉස්සෙල්ල කිව්ව වගේ අපේ කුසලතාවන් වල දුර්වලතා තියෙනවා. ඒවා හදා ගන්නවා වගේම අපේ අනිත් දුර්වලතා අපි හදාගන්න ඕන.
මොකද මම ක්රීඩා කරපු කාලේ. අපිට සමාජ මාධ්ය සංස්කෘතියක් එච්චර තිබ්බේ නෑ. ඉතින් ඒ තුළින් අපි විවිධ දේවල් තුළින් ක්රීඩකයන්ට දිරි ගැන්වීම් තිබුනා. මේ පරපුර සමාජ මාධ්ය හරියටම හසුරුවන්නෙ දැනුවත් කමක් නැති කට්ටියක්.
 මානසිකව ඒගොල්ලොන්ට ඒ බලපාන දේ කොහොමද? කියන එක හිතන්න අවශ්‍යයි.

ක්‍රිකට් ආයතනය ගැන ප්‍රශ්නය අපට අදාළ නැහැ.   කණ්ඩායම කාගේවත් සිරකරුවන් නොවෙයි. ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න ඔවුන් විසදාගනීවි“



ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමට නොහැකිවීම පිළිබඳව සමාව අයදින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මෙසේ කීය.

විරාත් කෝලිගේ 49 වැනි ශතකයට මාධ්‍ය හමුවේ සුබ නොපතමින් මා කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් මා කනගාටුවට පත් වනවා.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයට පෙර දිනයේ දී මාධ්‍ය හමුවේ මගෙන් මාධ්‍යවේදියෙකු මේ ගැන විමසා සිටි විට මං විමසා සිටියේ මං ඔහුට සුබ පතන්නේ කුමට ද කියායි.
එදා අපි එතන්ට ගියේ මුලින්ම පුහුණුවීම්වලට. පුහුණුවීම්වලින් පස්සේ මාධ්‍ය සාකච්ඡාව තියෙනවා කියලා මට කළින් කියලා තිබ්බා.එතන්ට ගියාට පස්සේ මම දැනගෙන හිටියේ නෑ විරාත් කෝලි කොච්චර ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන ඉන්නවා ද? මැච් එකක් තියෙනවා කියලා මම දන්නවා. ඒත් එයා ලකුණු 100 ක් ලබා ගත්ත ද, කොච්චර ප්‍රමාණයක් ලබා ගෙන හිටියද කියලා මම දැනගෙන හිටියේ නෑ. ඉතිං එයා ඒ වෙලාවේ මගෙන් ඒ ප්‍රශ්නේ අහද්දී… මුළින්ම ඇත්තටම මම බැලුවා එයා මොකක්ද මේ අහන්නේ කියලා. මොකද මම ගියේ මගෙ කණ්ඩායම වෙනුවෙනුයි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙනුයි අහන ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න විතරයි.

“ඉතිං ඒ වෙලාවේ මම ඒ කියපු දේ වැරැදියි කියලා මම හිතනවා. මොකද ශතක 49 ක් ගහනවා කියන එක ලේසි නෑ. ක්‍රීඩකයෙක් විදිහට දන්නවා ඒක කොච්චර අමාරුද කියලා. ඇත්තටම ඒවෙලාවේ මට තේරුණේ නෑ මොකක්ද එයා අහන්නේ කියලා.



“සමහර අය මට බැනලා තිබ්බා. මම කනගාටු වෙනවා මම ඒවෙලාවේ කිව්ව දේ ගැන. විරාත් කෝලි කියන්නේ හැමෝම දන්නවා එයා කොච්චර හොද ක්‍රීඩකයෙක් ද කියලා. ඒලාවේ මම එයාට සුබ නොපැතූ එක ගැන කනගාටු වෙනවා.

“අපි මැච් කිහිපයක් පැරදිලා තිබ්බේ. ඉන්දියාවත් එක්කත් අපි කළින් ආසියානු කුසලානයේ දී පැරදිලා තිබ්බා. ලෝක කුසලානයේ දී අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගියා. මටත් ඕනේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනවන එක. ඉන්දීය ක්‍රීඩකයින් අපිව ගොඩක් පල්ලෙහාට දාලා කතා කරලා තිබ්බා. මම කැමති නෑ නායකයා විදිහට මගේ කණ්ඩායම පල්ලෙහාට දාලා කතා කරන එකට, රට පල්ලෙහාට දාලා කතා කරන එකට. ඉතිං මට ඒවෙලාවේ තිබුණ හැගීම්බර වීමට අනුව තමයි මම උත්තර දුන්නේ. පස්සේ මට කියද්දී හිතුනා මම කිව්වේ වැරැදි දෙයක් කියලා. මම ඒ ගැන ඇත්තටම කනගාටුවෙනවා.”

ඇත්තටම ගොඩක් දෙනා ටීම් එකට මැච් පරදිද්දි බණිනවා දිනද්දී හොඳ කියනවා. ඉතින් මං දන්නවා ලංකාවේ  හැමෝම බලන්නෙ මේක. ක්රිකට් කියන ක්රීඩාව තමයි ලංකා හැම පුද්ගලයෙක්ම බලන්නේ.  ඒගොල්ලන්  හදවතින්ම ආදරේ කරන ක්රීඩාවක් ක්රිකට් කියන්නේ. ඉතින්  පරදිද්දී අපිට දේවල් කියන්නේ මම හිතන්නේ ගොඩක් වෙලාවට ඒ ගොල්ලන්ගෙ තියෙන දුකට තමයි ගොඩක් දේවල්.
 ඉතින් මට අනිත් දේවල් අදාළ නැහැ. ඒකෙන් බෝඩ් එකයි අනිත් ප්රශ්න ඒ දේවල් මට අදාළ වෙන්නැහැ. ඉතිං මට කියන්න තියෙන්නේ මාධ්යයට අපේ සෝෂල් මීඩියාවල දාන දේවල් පුළුවන් නම් අපිත් එක්ක ඉන්න  ප්ලේයර් කෙනෙක්ට වරදින වෙලාවට එයාට පුලුවන්නම් හොඳ දේවල් දාන්න බලන්න.
 මොකද මට කලින් අවුරුදු 2 ක් 3 මත් මේ දේම වෙලා තියෙනවා මට සෑහෙන්න දේවල් මට බැනල කරලා දාලා තියෙනවා ඉතින් යම් ප්ලේයර් කෙනෙක්ට ඒක ගොඩක් වටිනවා
මුල් කාලේදී ආවට පස්සේ ඒක මාර අමාරුයි. ඒකෙන් ගොඩ එන්න. මොකද සමහර පාරේ යද්දිත් මට දේවල් ඇහිලා තියනවා පිටුපසින් කියනවා. ඉතින් ඒ වගේ දේවල් නිතරම කතා වෙද්දී ගොඩක් අමාරුයි. වැටිලා නැගිටින්න.

එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමට නොහැකිවීම පිළිබඳව ඔවුන්ගෙන් සමාව අයදිනවා“