ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ විධායක කමිටුව විසින් 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් ජාත්‍යන්තර වේදිකාවේ රට අභිමානයට පත් කිරීම වෙනුවෙන් ඇගයීමට ලක් කරන ලදී.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත සහ සහකාර භාණ්ඩාගාරික වික්‍රමසිංහ යන මහත්වරුන් ඉදිරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනෙකු ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පිළිගනු ලැබුණි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උපදේශකත්වය සහ සංවර්ධනය පිළිබඳ උපදේශකවරිය ලෙස කටයුතු කරන ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ආර්. මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ලේකම් සමන් කුමාරද
මෙම අවස්ථාවට සහභාගි වූහ.
2023 අවසන් වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගෙන රටට ආඩම්බරයක් ගෙන දුන් ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න, රිදී පදක්කම්ලාභී නදීෂා දිල්හානි ලේකම්ගේ ඇතුළු ක්‍රීඩිකාවන් නව දෙනෙකු ඇගයීමට ලක් කර මුදල් ත්‍යාග ප්රදානය කෙරිණි.
තරුෂි කරුණාරත්න (සුසන්ත ප්‍රනාන්දු) සහ නදීෂා දිල්හානි ලේකම්ගේ (ප්‍රදීප් නිශාන්ත) යන මහත්ම මහත්මීන්ගේ පුහුණුකරුවන් ද මෙහිදී ඇගයීමට ලක් විය.
තරුෂි කරුණාරත්න (රන් පදක්කම්ලාභී) හට රන් පදක්කම වෙනුවෙන් රු. මිලියන 10 ක් සහ තවත් ඇයගේ ලෝකඩ පදක්කම වෙනුවෙන් රුපියල් මිලියනයක් ද, නදීෂා දිල්හානි ලේකම්ගේ (රිදී පදක්කම්ලාභී) වෙත රු. මිලියන 5 ක්ද ලැබුණි.
මේ අතර පසිඳු කොඩිකාර, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීෂා රාමනායක, සයුරු ලක්ෂිමා, සහ ජයේෂි උත්තරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ලෝකඩ පදක්කම් දිනා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් ලැබුණි.
0 Comments