suriya-gunasekara-no-more

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු හා ඉතිහාසඥයෙකුවූ ආචාර්ය සූරිය ගුණසේකර මහතා අද (8) අභාවප්‍රාප්ත වූයේය. මියයනවිට 81වන වියේ පසු වූ ඒ මහතා සිංහල ජාතික ව්‍යාපාරයේ මහඟු සේවයක් කළ අයෙකි.
ගවේෂණාත්මක ඉතිහාසඥයකු ප්‍රකට ලේඛකයකු හා දේශකයකු ද වන ඔහු වඩාත් ප්‍රකටවූ අදහස් දැක්වීම් අතර
පුරාණ රාවණා සහ හෙළ රාජධානිය පිළිබඳ පළ කළ මත විශේෂිතය.
1942 නොවැම්බර් මස පිලියන්දල දී උපත ලැබූ සූරිය ගුණසේකර මහතා,

මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රෙමුණ මිශ්‍ර පාසල සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙනි.
උසස් අධ්‍යාපනය සදහා 1960 වසරේ දී පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිංහල,ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබද උපාධියක් ලැබූ එතුමා මුල්ම රැකියාව ලෙස ගුරු වෘත්තියට පිවිසියේය.
පසුව පරිපාලන සේවයට එක්වූ ඔහු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කළේය.සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයකු මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේකම් ධුරයේද කටයුතු කළේය.
ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි සපයා ඇති ඔහු ‘ලන්ඩන් ගිය බණ්ඩා‘ තීරු ලිපිය නිසාද ප්‍රකට විය. ඔහු ලියූ ග්‍රන්ථ අතර  සූක්ෂ්මව වනසන සිංහල ,ඓතිහාසික රාවණා , කොටි දඩයම, මහා ඓතිහාසික අසාධාරණය හා ලංකා ඉතිහාසයේ හෙළ යුගය වෙයි.
අද පෙරවරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ සූරිය ගුණසේකර මහතා එක්දරු පියෙකු විය.
දේහය පිටකෝට්ටේ කෝට්ටේ පාරේ රුවන් පෙදෙසේ අංක454/2 නිවසේ තැන්පත් කර ඇත අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ