susil-speaks

 දැනට 11 ශ්‍රේණියේදී පවත්වනු ලබන සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්  අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
 දරුවන් අධ්‍යාපනයේදී වයසට යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවත් වයස පහළොවේදී අපොස සාමාන්‍ය පෙළ ලිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.





“අපි යෝජනා කරලා තියෙනවා ෆ්‍රී ප්‍රයිමරි එක පටන් ගන්න. අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙර පාසල් ගත කරන්නම ඕන. ළමයි දෙසියට අඩු පාසල් හාරදාහක් තියෙනවා. ළමයි සීයට අඩු පාසල් 2900ක් තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමෙන් නොමිලේ ෆ්‍රී ප්‍රයිමරි එක කරන්න අපිට ඉඩ දෙන්න පුළුවන්. ෆ්‍රී ප්‍රයිමරි එක වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය වැඩසටහන හදලා ඉවරයි. ඒ හඳුන්වාදීම එක්ක තමයි දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ දහයට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4ක ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු පහළොවෙන් සාමාන්‍ය පෙළ ලියනවා. දාහතේදී උසස් පෙළ ලියනවා එතකොට වයස්ගත වීම අඩු වෙනවා.“