train-thief-nabbed

සූක්ෂ්ම උප­ක­ර­ණ­යක් භාවිතා කර­මින් පොකට් ගහන පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට පාන­දුර දකුණ පොලි­සිය සමත්ව ඇත. දුම්රි­ය­න්වල ගමන් කරන සැක කට­යුතු පුද්ග­ල­යන් පරීක්ෂා පරීක්ෂා කිරී­මේදී සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. දකුණු අතේ දබර ඇගිල්ලේ නූල­කින් රඳ­වා­ගෙන සිටී සූක්ෂ්ම උප­ක­ර­ණය ද සොයා­ගෙන ඇති අතර ,

එහි විවිධ වර්ගයේ තියුණු තල තුනක් සවි­කර තිබූ බව ද පොලි­සිය සඳ­හන් කියයි. එම උප­ක­ර­ණය භාවිතා කර­මින් සැක නොසි­තෙන ආකා­ර­යට මුදල් පසුම්බි, කාන්තා අත් බෑග් සහ ගමන් මළු වල තිබූ මුදල් ඇතුළු වටිනා දෑ සොර­කම් කර ඇති බවට සැක­ක­රුගේ ප්‍රකා­ශ­ව­ලින් හෙළිව ඇති බවත් පොලි­සිය කීය. සැක­කරු පාන­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබූණි. ජේෂ්ඨ පොලිස් අධි­කාරී සමන්ත වෙදගේ, සහ­කාර පොලිස් අධි­කාරී නිශාන්ත සේනා­රත්න යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක උපුල් ප්‍රියං­කර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් අප­රාධ අංශ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක හේමාල් වීර­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කළ දුම්රිය මැදිරි පරී­ක්ෂා­ව­කදී සැක­කරු අත්අ­ඩං­ගු­වට පත්ව ඇත.


පොතු­පි­ටිය සුමිත් ප්‍රේම­ති­ලක