තම මව සහ පියා ඊජිප්තුවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී කාබන් මොනොක්සයිඩ් විෂ ශරීරගත වීමෙන් මිය ගිය බව එක්තරා කාන්තාවක් ප්‍රකාශ කර තිබේ.එයින් ඇය මේ වන විටත් මහත් කම්පන තත්ත්වයට පත්ව තිබෙන බවද පවසා තිබේ.
මෙලෙස මිය ගොස් තිබුනේ අවුරුදු 69 ක් වූ ජෝන් කූපර් සහ අවුරුදු 63ක් වූ සුසාන් ය. ඇඳ මකුණන් මරා දැමීම සඳහා පළිබෝධනාශකයක් අසල කාමරයට ඉසීමෙන් පසු එය වාතය හා මිශ්‍ර වී ආග්‍රහණය වීමෙන් ඔවුන්ගේ හෝටල් කාමරය තුළම රෝගාතුරව මිය ගොස් ඇති බව මරණ පරීක්ෂකවරයා සිකුරාදා තීන්දු කළේය.
මෙම යුවළ එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ බර්න්ලි ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ප්‍රීතිමත් නිවාඩුවක් ගත කිරීම සදහා රතු මුහුදේ හුර්ගාඩා නිකේතනයේ පිහිටි ස්ටීගන්බර්ගර් ඇක්වා මැජික් හෝටලයට පැමිණ ඇති බව ඔවුන්ගේ මරණ පරීක්ෂණයෙන් කියැවිණි.
ඔවුන්ගේ දියණිය වන කෙලී ඔර්මෙරොඩ් ප්‍රකාශ කර තිබුනේ එම වයසට ඇයගේ දෙමාපියන් ඉතා නිරෝගිමත්ව සිටි බවයි.
ඔවුන්ගේ නිවාඩුවේ අටවෙනි දවසේදී යුවල සිටි කාමරයට ආසන්න කාමරයක දොරක් වසා තිබුනේ ඇඳ මකුණන් ආසාදනය සඳහා ලැම්ඩා නමින් හැඳින්වෙන පළිබෝධනාශකයක් භාවිතා කරමින් දුම් ගසා තිබු හෙයිනි.
මෙම පළිබෝධනාශකය කාබන් මොනොක්සයිඩ් නිපදවන ඩයික්ලෝරෝමීතේන් නමැති රසායනික ද්‍රව්‍ය සමඟ තනුක කර ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
දුම් ගැසූ කාමරයේ දොර වටා ආවරණ පටියකින් මුද්‍රා තබා ඇති අතර පැය කිහිපයකට පසු යුවළ රාත්‍රිය සඳහා තම කාමරයට ආපසු ගොස් ඇත .
ඉන් පසු ඔර්මෙරොඩ්ගේ දියණිය වන 12 හැවිරිදි මොලීටද අසනීපයක් දැනෙන්නට පටන් ගත් අතර උදේ පාන්දර වන්නට ජෝන් කූපර් ඇයව ඇගේ මවගේ කාමරයට ගෙන ගොස් දී ඇත.
.
තම දෙමාපියන් උදේ ආහාරයට නොපැමිණීම හේතුවෙන් ඔර්මෙරොඩ් යුවල සිටි කාමරය වෙත ගිය බව සදහන් ය.
එහි ගිය ඇය දුටුවේ ඇයගේ පියා, ඉදිකිරීම්කරුවෙකු සහ මව බරපතල ලෙස රෝගාතුරව සිටින බවකි.ඇයගේ පියා කාමරය තුළම මියගොස් සිටි අතර මව රෝහල් ගත කරන අවස්ථාවේ මිය ගිය බව ඇය ප්‍රකාශ කර ඇත.
ප්‍රෙස්ටන් හදිසි මරණ පරීක්ෂක උසාවියේ වාඩි වී සිටින ලැන්කෂයර් හි ජ්‍යෙෂ්ඨ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය ජේම්ස් ඇඩෙලි විසින් 2018 අගෝස්තු 21 වන දින ඩයික්ලෝරෝමීතේන් අඩංගු පළිබෝධනාශකය යාබද කාමරයට ඉසීමෙන් සහ යුවළ වාෂ්ප ආඝ්‍රාණය කිරීමෙන් මෙම මරණ සිදුවූ බවට තීන්දු කළේය.
විෂ ඉසීමෙන් පසු එම කාමරයේ දොර වසා තිබ්බද යුවළ සිටි කාමරයේ දොර යටින් වාෂ්ප ගමන් කිරීමට වීමෙන් එය ආග්‍රහණය වී යුවල මිය යන්නට ඇති බව ඔහු පැවසීය.
සිකුරාදා ප්‍රෙස්ටන් හදිසි මරණ පරීක්ෂක උසාවියෙන් පිටත කියවන ලද ප්‍රකාශයක ඔර්මෙරොඩ් මෙසේ පවසා තිබිණ.
'පහුගිය අවුරුදු කිහිපය අපි හැමෝටම වඩාත්ම කම්පනකාරී කාලයක්. සිදුවූ සියල්ල නැවත,නැවත පරීක්ෂණ සදහා සිහිපත් කරන්නට සිදු වීම මහත් වේදනාවක් .නමුත් එය අපේ අම්මා සහ තාත්තා වෙනුවෙන් කළ යුතු දෙයක්. ඔවුන් නොමැතිව අපේ පවුල කැඩිලා ගිහින්..
මේ පිලිබදව විෂ විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොබට් චිල්කොට්ගෙන් විමසා බැලූ අතර එහිදී ඔහු කියා සිටියේ අඩු සංවර්ධිත රටවල Lambda පළිබෝධනාශක සමහර විට dichloromethane සමඟ තනුක කර ඇති අතර එය ශරීරයට පරිවෘත්තීය වීමට හෝ කාබන් මොනොක්සයිඩ් ශරීරගත කිරීමට හේතු වන බවයි.
මේ පිලිබදව ඊජිප්තුවේ බලධාරීන්ගෙන් වැඩිදුර ලියකියවිලි සහ තොරතුරු ලබා ගැනීමට නැවත නැවතත් උත්සාහ කිරීම පිළිබඳවද පරීක්ෂණයේදී අසන්නට ලැබිණි.
තවද සුසාන් කූපර්ගේ රෝගාබාධ හා මරණය වේගවත් වූ නමුත් ඇය සඳහා ලබා දී ඇති වෛද්‍ය ප්‍රතිකාර “සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් නොවන” බවටද විවේචනයන් පැතිර යමින් පවතියි.එහි ඇති ප්‍රබලම විවේචනය වන්නේ ගිලන් රථයක් කැඳවීමට පෙර ඇයව හෝටලයේ සායනයකට ගෙන ගොස් , ඉන් ඇය රෝහලට ගෙන යාමට පැය හතරක ප්‍රමාදයක් සිදුවූ බවයි.
0 Comments