us-musim-students-gaza-war

ඇමරිකා එක්සත් ජනපදයේ ඇති කනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මුස්ලිම් සිසුන්ට,  ඊශ්‍රායල-ගාසා යුද්ධය හේතුකොටගෙන තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්ථා වෙයි.



බ්‍රහස්පතින්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී,  විශ්ව විද්‍යාලයේ පලස්තීන ගැති කණ්ඩායමක නායිකාවක් විසින් ඇයට ලැබුණු වාර්ගික අපවාදයක් ඇතුළත් හඬ පටයක් ඉදිරිපත් කළාය. එහි දී විශ්ව විද්‍යාලීය මුස්ලිම් ශිෂ්‍ය සංගමය පැවසුවේ,  මියගිය පලස්තීනුවන් සමච්චලයට ලක් කරමින් කරුණු දක්වන විද්‍යුත් තැපෑලක් තමන්ටද ලැබුණු බවයි.



ඔවුන් විසින් මෙම පණිවිඩය පිළිබද තොරතුරු විශ්ව විද්‍යාලයේ පරිපාලනයට සහ ප්‍රාන්ත පොලිසියට  වාර්තා කර තිබේ.

UConn ලෙසද හැඳින්වෙන කනෙක්ටිකට් විශ්ව විද්‍යාලය, "යුද විරෝධී විශ්ව විද්‍යාලයක් වන අතර,  එහි සියලු ආකාරයේ වෛරීය සහගත ක්‍රියා හෙළා දකින බවත්, ඉස්ලාම් භීතිකාව අවිවාදයෙන්ම හෙළා දකින බවත්", පාසල් ප්‍රකාශකයෙක් පැවසීය.

එක්සත් ජනපදයේ මුස්ලිම් සහ යුදෙව් යන ජනවර්ග දෙකටම අයත් ජනතාව ජීවත් වෙති. එහෙත් වර්ථමානය වන විට මෙම  කණ්ඩායම් දෙක අතරම වෛරීය සහගත ක්‍රියා සහ හිරිහැර කිරීමේ සිදුවීම් වාර්ථා වෙමින් පවතී. එයට හේතු වී ඇත්තේ  , හමාස් විසින් ඔක්තෝබර් 7 වන දින දියත් කරන ලද ප්‍රහාරයෙන් පසු ඇති වූ ගාසාතීර යුධ වාතාවරණයයි.

Lena Maarouf යනු 2022 වසරේ දී UConn වෙතින් උපාධිය ලබා ගත් ශිෂ්‍යාවකි. ඇය පැවසුවේ තම ඉගෙනීමේ ක්‍රියාවලිය අවසන් කර තිබුණත් , තවමත් ඇයගේ දුරකථන අංකය , පලස්තීනයේ යුක්තිය සඳහා වන ශිෂ්‍යය වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති බවයි. හඬ පණිවිඩය එවූ පුද්ගලයා වාර්ගික අපහාසයන් ඉදිරිපත් කරමින් ඇයව "ත්‍රස්තවාදියෙකු" ලෙස හදුන්වා ඇති අතර ,   "ඔබ මිය යනවා දකින තුරු මට බලා සිටිය නොහැක" යනුවෙන්ද ප්‍රකාශ කර ඇත.

ඇමතුම ඇමරිකාවේ Oklahoma ප්‍රදේශයේ කේතයකින් පැමිණි අතර තර්ජනාත්මක විද්‍යුත් තැපෑල Yahoo විද්‍යුත් තැපැල් ගිනුමකින් පැමිණ ඇති බව සිසුන් පැවසීය.

මුස්ලිම් ශිෂ්‍ය නායකයින් සහ මුස්ලිම් සිවිල් අයිතිවාසිකම් කණ්ඩායමක් වන ඇමරිකානු-ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලය (කෙයාර්) විසින්, ගැටුම සහ ඉස්ලාමය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් ශිෂ්‍යයන්ට ලබා දෙන ලෙසත්, මුස්ලිම් සිසුන් සඳහා ආරක්ෂාව සහතික කරන ලෙසත් විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා සිටියේය.

කනෙක්ටිකට් ප්‍රාන්තයේ කෙයාර්ස් හී  සභාපති ෆර්හාන් මේමන් පැවසුවේ,  “අධ්‍යාපනයක් අපේක්ෂා කරන කිසිම තරුණයෙකුට ඔවුන්ගේ ජාතිය, ආගම, හෝ දේශපාලන අදහස් නිසා තර්ජනයක් ඇති නොවිය යුතු බවයි.



ප්‍රකාශයක් නිකුත් කරමින් UConn ප්‍රකාශිකා ස්ටෙෆනි රීට්ස් පැවසුවේ, කෙයාර්ස් විසින් ඉදිරිපත් කල ඉල්ලීම පාසල හඳුනාගෙන ඇති බවත්, ඊශ්‍රායල් - පලස්තීන ගැටුම පිළිබඳ ඉගැන්වීමක් පසුගිය සතියේ විශ්ව විද්‍යාලය තුල පැවති බවත්ය.

කනෙක්ටිකට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර නෙඩ් ලැමොන්ට් පසුගිය සතියේ ප්‍රකාශ කළේ , ප්‍රාන්තය පුරා විද්‍යාලවල ඇති වන වෛරී අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා වන ආරක්ෂක නිලධාරීන්ගේ රැස්වීමක් සංවිධානය කරන බවයි.

කෙයාර් පැවසුවේ , ඔක්තෝබර් 7 දා  සිදු කරන ලද හමාස් ප්‍රහාරයෙන් පසු මාසය තුළ රටෙහි ප්‍රචණ්ඩත්වය පිළිබද පැමිණිලි 1,283 ක් පමණ ලැබී ඇති  බවයි. ඇමරිකාවේ  චිකාගෝ නගරයෙන් පිටත සිදු වූ පිහි ප්‍රහාරයකින් හය හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් ඔහුගේ මවට බරපතල තුවාල සිදු කිරීම මෙම සිදුවීම් අතරින් එකකි.  

යුදෙව් සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් වන Anti-Defamation League කියා සිටියේ, ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයෙන් පසු සති කිහිපය තුළ යුදෙව් විරෝධී හිරිහැර, විනාශ කිරීම් සහ පහරදීම් ඇතුලත් සිදුවීම් 30 ක් වාර්තා වී ඇති බවයි. එය පසුගිය වසරට සාපේක්ෂව 400% කට ආසන්න වැඩිවීමකි.

 යුදෙව් සිසුන්ට එරෙහිව ප්‍රචණ්ඩ තර්ජන පළ කිරීම හේතුවෙන් පසුගිය මාසයේදී නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඇති කෝනෙල් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. 21 හැවිරිදි පැට්‍රික් ඩායි නම් එම සිසුවා ,විශ්වවිද්‍යාල පරිශ්‍රයට තුවක්කුවක් ගෙනැවිත් යුදෙව් කාන්තාවන් දූෂණය කරන බවටත් “ඕනෑම යුදෙව් ළදරුවෙකුගේ හිස ගසා දමන බවටත්” තර්ජනය කළ බව නඩු පවරන්නන් පවසයි