wash-room-love

තනිකඩ හට නිවාසයේ නාන කාමරයේ එකට සිටියදී හසුවූ කිරිබත්ගොඩ පොලිසියට අනුයුක්තව සේවයේ නිරත ආධුනික පොලිස් කොස්තාපල්වරියකගේ සහ ආධුනික පොලිස් කොස්තාප ල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට උසස් පොලිස් නිලධාරින් පියවර ගෙන තිබේ.
දිසා රථවාහන කොට්ඨාසයේ සේවයේ නිරත මෙම නිලධාරින් දෙදෙනා කිරිබත්ගොඩ පොලිසියට විශේෂ රාජකාරි පදනම මත අනුයුක්ත කර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.


ආධුනික පොලිස් කොස්තාපල්වරයාව නාන කාමරයට ගෙන්වාගෙන ඇතැයි පැවසෙන්නේ ආධුනික පොලිස් කොස්තාපල්වරිය විසිනි. කාන්තා හට නිවාසයක නාන කාමරයට ඇතුළුවෙමින් පොලිස් කොස්තාපල්වරයා විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ඇති බවත් පොලිස් කොස්තාපල්වරයකු නාන කාමරයට ගෙන්වා ගැනීමෙන් පොලිස් කොස්තාපල්වරිය විනය විරෝධී ක්‍රියාවක් කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී පැවසීය.
මෙම නිලධාරීන් දෙදෙනා නාන කාමරයේ රැඳී සිටිනු දැක ඇත්තේ ද කොස්තාපල්වරියක බවත් ඇය විසින් ඒ ගැන පෙරේදා (13) ඉහළ නිලධාරීන්ට දැනුම්දීමත් සමඟ මෙම සිදුවීම අනාවරණය වී ඇති බවත් පොලිස් කොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ