මීගොඩ වටරැක 20 කනුව ප්‍රදේශයේ පවත්වාගෙන යන රබර් බුෂ් නිෂ්පාදනය කරන ආයතනයකින් ලක්ෂ 15ක් පමණ වටිනා, ඝන යකඩ අච්චු 07 ක්, තරාදියක් සහ ග්රයින්ඩර්ද නිමි රබර් කිලෝ ග්‍රෑම් 51 ක් සොරකම් කළ සැකකරුවකු එම භාණ්ඩ සමඟ සපුගස්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. හෝමාගම ප්‍රදේශයේ පදිංචි කර්මාන්ත ශාලාවේ හිමිකරු තම කර්මාන්ත ශාලාවේ පිටුපස දොර විවෘත කර ඇති බව දැක පසුව ඔහු කර්මාන්ත ශාලාවට ඇතුළු වී භාණ්ඩ පරික්ෂා කිරීමේදී මෙම භාණ්ඩ අඩු වී ඇති බව දැනගෙන මීගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.
මීගොඩ පොලිස් ස්ථානය විසින් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ආරම්භ කළත්, ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ තොරතුරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හිමිකරු සන්තකයේ නොමැති වීම ගැටලුවක් වී ඇත.එහෙත් මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත, අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපතිවරයා විසින් ආයතනයේ සේවකයන්ගෙන් ලබා ගන්න තොරතුරු සහ ඔහුට ලැබුණු තොරතුරු මත එක් සේවකයකු සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු වී ඔහු සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් සිදු කර ඇත. ද
ැඩි පරිශ්‍රමයක් යොදා ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමේදී, ඔහු සපුගස්කන්ද පොලිස් වසමේ සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි අයෙකු බව හඳුනාගෙන, එම ප්‍රදේශයට ගොස් සැකකරු නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ වන විටත් ඔහු රබර් අමුද්‍රව්‍ය සහ යකඩ අච්චු එම ප්‍රදේශයේ වෙළඳ සැලකට අලෙවි කර මුදල් කරගෙන තිබූ බවත් එම භාණ්ඩද සැකකරු සමග ගොස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානය කරන අබ්බැහිවී ඇති ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මීට පෙර සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහර බන්ධනාගාර ගත කර, පසුව නිදහස ලබා පැමිණ සති 02 වැනි කෙටි කාලයක් තුළ මෙම ආයතනයට සම්බන්ධවී මෙම සොරකම කරගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. මොහු සොරකම් කළ භාණ්ඩ එම අවස්ථාවේ මාර්ගයේ ධාවනය වූ ටැක්සියකින් සපුගස්කන්ද ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව ද අනාවරණය කරගෙන ඇත.ආයතනයේ හිමිකරු තම ආයතනයට සේවකයින් බඳවා ගෙන ඇතත්, එම සේවකයන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තබා නොගැනීම හිමිකරු කර ඇති වරදක් බව ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා පැවසීය. සැකකරු හෝමාගම පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිතය.
නිහාල් වෙත්තසිංහ
0 Comments