wellampitiya-school-incident-grandpas-weheragoda

අද පෙරවරුවේ පාසලක තාප්පයක් කඩාවැටීමකින් සිදුවූ අනතුරකින් සිසුවියක මියගොස් තවත් 5 දෙනෙකු රෝහල්ගත කිරීමේ සිදුවීමක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් වාර්තා විය.
වැල්ලම්පිටිය අධ්‍යාපන කලාපයට අයත් ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ මෙම සිදුවීම සිදුව ඇත.
සිසුන්ට ජලය සැපයීම සඳහා සවිකර ඇති ජලනල සම්බන්ධ කළ කොන්ක්‍රීට් බැම්මක් මෙලෙස කඩා වැටී තිබේ.


 ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටස පෙරළුණ අවස්තාවේ ඒ ආසන්නයේ සිසුසිසුවියන් ක්‍රීඩා කරමින් සිට ඇති අතරඔවුනගේ සිරුරු මතට කොන්ක්‍රීට් කොටස් කඩා වැටී තිබේ.

අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබු 6 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් සිසුවියක මියගොස් ඇති අතර වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 6 හැවිරිදි දැරියක මෙම සිදුවීමෙන් මියගොස් තිබේ.

පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 6ක් වයසැති පිරිමි ළමයි 4 දෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනකු මෙලෙස තුවාල ලබා තිබූ
තවත් එක් දරුවෙකු බරපතල තත්වයේ පසුවේ.


තුවාල ලැබූ දරුවන්ගෙන් 5දෙනකු කොළඹ ජාතික රෝහල වෙත සහ එක් අයකු ළමා රෝහල වෙත ඇතුළත් කර තිබෙයි.

අනපේක්ෂිත ලෙස බිත්තිය කඩා වැටීමෙන් සිසුන් සුන්බුන් යට සිරවී සිටි පසු දෙමාපියන් හා පාසලේ බලධාරීන් එක්ව රෝහල් ගත කිරීම ඉක්මනින් සිදු කර තිබුණි.
ජාතික රෝහලට පැමිණීමත් සමඟ වෛද්‍ය කාර්ය මණ්ඩලය තුවාල ලැබූ සිසුන්ට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ. බරපතල තුවාල ලැබූ සිසුවා දැඩි නිරීක්‍ෂණයට ලක්ව සිටින අතර වෛද්‍ය වෘත්තිකයන් ඔවුන්ගේ තත්ත්වය ස්ථාවර කිරීමට දැඩි ලෙස ක්‍රියා කරයි.