who-is-shammi-silva

1960 උපන් 63 හැවිරිදි අටුලුගමගේ ෂම්මි ශිරාජ් සිල්වා කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.ෂම්මි සිල්වා යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් මතභේදාත්මක සභාපතිවරයාය.
ෂම්මි 1977 සිට 1980 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේ ක්‍රීඩා කළ අතර 1980 දී නාලන්දා පිළෙහි නායකත්වය දැරීය. කීර්ති රණසිංහ, සනත් කලුපෙරුම හා රොෂාන් ගුනරත්න මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.
 පාසැලේදී ඔහු ක්‍රිකට්, Putt-shot, Discus Throw හා Javaline Throw ක්‍රීඩා කළේය.

පාසලෙන් ඉවත් වූ පසු සිල්වා දිගටම ක්‍රිකට් ක්‍රීඩා කළ අතර කොළඹ ක්‍රිකට් සමාජයේ 1983/84 දී සිල්වා ස්කොෂ් (ක්‍රීඩාව) ද ක්‍රීඩා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ජාතික වර්ණ දිනාගත්තේය. ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායම නියෝජනය කළේය. ඉන්පසු ඔහු ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණුකරු බවට පත් විය.සිල්වා කලක් කොළඹ ජිම්කානා සමාජයේ සභාපතිවරයා ද විය .



ෂම්මි කරළියට එන්නේ නාලන්දා විද්‍යාලයේ තිලංග සුමතිපාල ක්‍රිකට් පුටුවෙන් ඉවත්වීමෙන් පසුව ඔහුගේ සමීපතමයෙකු ලෙසිනි. ක්‍රිකට් සභාපති තේරීමේ තරගය ක්‍රීඩා සමාජ වල තනතුරු ලාභීන් එක්ව සිදුකරන අතර කලක් තිස්සේ එකම කන්ඩායමක් පක්ෂපාතී ලෙස පත්කරගන්නා බවට විවේචන පවතී.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතය පිලිබඳ සිද්ධියක් නිසා ෂම්මි අපකීර්තියට ලක්විය.
2022 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති 20/20 ක්‍රිකට් ලෝක ශුරතාවලිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කරන ලද විගණන වාර්තාව සැප්තැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත වූ අතර පිටු 260කින් සමන්විත විගණන වාර්තාවෙන් රජයේ විගණකාධිපතිවරයා පෙන්වාදුන් පරිදි  රුපියල් 396,359,350ක ආදායමක් සහ රුපියල් 313,371,158 ක් වියදම් ලෙස දක්වා තිබීම ගැටලු කාරී විය. ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරින් 14 දෙනාගේ සහභාගිත්වයට රුපියල් 68,237,263 (ලක්ෂ 682) වැය කර තිබුණි.  ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියෙන් තොරව මාධ්‍යවේදීන් සිව්දෙනෙක් ඕස්ට්‍රේලියාව බලා රැගෙන ගොස් තිබූ අතර ඒ වෙනුවෙන් රුපියල් 5,520,800ක මුදලක් ගෙවා තිබුණි.


 ක්‍රිකට් ආයතනයට සම්බන්ධ බවට සැලකිය හැකි පුද්ගලයින් 9 දෙනෙකු සහ ක්‍රිකට් ආයතනයට පරිභාහිර පුද්ගලයින් 36 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 56 දෙනෙකු වෙනුවෙන් වීසා ඉල්ලීම් ලිපි නිකුත් කර තිබුණි.

ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා නිළියන්ට හා හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කිරීම සම්බන්ධ සිද්ධිය මතුවූ අවස්ථාවේ නිළියන්ට හා හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් නොකළ බවත්, කවුරුන් හෝ එම චෝදනාව ඔප්පු කළහොත් හෙට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය.

මේ අතර ආන්දෝලනයට ලක්වූ ධනුෂ්ක ගුණතිලකගේ අතවර සිද්ධියේදී ඔහු අත්අඩංගුවට පත්ව ඕස්ට්‍රෙලියාවේ අඩස්සියේ පසුවූ කාලයේ සිට නිදහස් කරගැනීම දක්වා සියලු වියදම් දරන ලද්දේද ශ්‍රී ලංකා ක්‍රිකට්ය. ඒ වෙනුවෙන් නිලධාරීන්ද ඕස්ට්‍රෙලියාවේ දීර්ඝ සංචාරයන්හි නිරතවිය.
ෂම්මි හිටපු ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩකයකු හා ශ්‍රී ලංකා ස්කොෂ් පිළ කලමණාකරුවරයෙකි. ෂම්මි, ජිම්කානා සමාජය - CH & FC හි සභාපතිද වෙයි.රොබර්ටා සමග විවාහ වී සිටින ෂම්මිට ශශිංකා සිල්වා, ශනිල්කා සිල්වා නමින් දියනියන් දෙදෙනෙකුද සිටී.
පියදාස සිල්වා (පියා), සීලවතී (මව) බව විකිපීඩියාවේ දැක්වේ.
2019 සිට ඔහු ක්‍රිකට් සබාපති ධූරය හොබවන අතර 2024 දක්වා එය ඡන්දයෙන් දිනා දීර්ඝ කරගෙන ඇත.