2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය අද (04) පැවැත්වුණි.
 
එම තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 21කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 401ක් රැස් කළේය.

තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 402කි.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවීමත් සමග පාකිස්තානයට පන්දුවාර 25යි පන්දු 03ක් තුළ ලකුණු 180ක ඉලක්කයක් හිමිවිය.