world-cup-sri-lanka-india

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (2) ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මුම්බායි නුවරදී පැවති තරගයේදී ශ්‍රී ලංකාව ඉතාමත් කණගාටුදායි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කර දරුණු පරාජයකට ලක්විය.මුලින් පන්දුවට පහරදී ඉන්දීය පිල කඩුළු 8 කට 357 ක් ලබාගත් අතර මධුෂංක කඩුළු 5 ක් ලබාගත්තේය.

නමුත් පිළිතුරු ඉනිමේදී ශ්‍රී ලංකාව දරුණු ප්‍රහාරයකට ලක්විය. මෙයට ඉහත ආසියානු කුසලාන අවසන් තරගයේදී සිද්ධවූ ආකාරයටම ශ්‍රී ලංකා පිලේ කඩුළු පිට පිට දැවීගියේ කරකියාගන්නට කිසිවෙකු නැති අසරණ මට්ටමකිනි. ඉතාමත් අසාමාන්‍ය ලකුණු පුවරුවක් ශ්‍රී ලංකා පිලේ දිස්වූ අතර පළමු පන්දුවෙන්ම 0 ට දැවී ගිය 3 ක් ඇතුළු 0 ට දැවීගිය 5 දෙනෙකුද ලකුණු 1 ට දැවී ගිය දෙන්නෙකුද විය.ඇන්ජලෝ මැතිව්ස් 12 ක් ලබාගත් අතර කසුන් රාජිත 14 හා මහීෂ් තීක්ෂණ 12 තරමක් හෝ ලකුණු අතරට පිවිසියහ.

ජයග්‍රහණය කෙසේ වෙතත් අඩුම ලකුණු පරාජයට හිමි ලෝක වාර්තාවෙන් යංතං ගැලවී ගියේ ලකුණු 35 ට වඩා ලබාගත් බැවිනි.
අවසානයේ ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලබාගත්තේ 55 ක් පමණි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ දුර්වලම පිතිකරණ ඉනිම ශ්‍රී ලංකාව සටහන් කරන ලදි.
කඩුළු වැටී ගියේ පහත පරිදිය
0-1 (Pathum Nissanka, 0.1), 2-2 (Dimuth Karunaratne, 1.1), 2-3 (Sadeera Samarawickrama, 1.5), 3-4 (Kusal Mendis, 3.1), 14-5 (Charith Asalanka, 9.3), 14-6 (Dushan Hemantha, 9.4), 22-7 (Dushmantha Chameera, 11.3), 29-8 (Angelo Mathews, 13.1), 49-9 (Kasun Rajitha, 17.6) 55-10 (Dilshan Madushanka, 19.4)