ඉන්දියාවේ බෙංගලරුහි පැවති ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නවසීලන්තය ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකාව සියල්ලන් දැවී 171 ක් ලබාගත් අතර එම සංඛ්‍යාව ඕවර 23.2 කදී නවසීලන්තය පසුකර ගියේ කඩුළු 5 කිනි.
දැනටමත් ඉන්දියාව දකුනු අප්‍රිකාව හා ඕස්ට්‍රෙලියාව අවසන් පූර්ව තරග අවස්ථාව ලබා ඇති අතර 4 වන තරගකරු අවිනිශ්චිතව පවතී.
අද ජයග්‍රහණය නිසා ප්‍රසාද ලකුනු මෙන්ම ලකුණු සාමාන්‍යය ඉහළ දමාගත් නවසීලන්තය මේ අනුව  තරගාවලියේ අවසන් පූර්ව වටයට යාමට වැඩි වාසි සහගත අවස්ථාවක් ලබාගෙන ඇත.
ඇෆ්ගනිස්ථානය හා පකිස්තානය ඉතිරිව ඇති ඉදිරි අවසන් තරගය ජයගෙන නවසීලන්ත ලකුණු සාමාන්‍යය අභිබවා යාමෙන් පමණක් අභියෝගයක් මතුවේ.
අද තරග පරාජයත් සමග ශ්‍රී ලංකාවට තවදුරටත් ලෝක කුසලාන 2023 තරග නොමැති අතර පළමු වටයෙන්ම පරාජය වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්ට සිදුව ඇත.අද සිදුවූ එකම විශේෂ සිදුවීම තරගාවලිය පුරා අසාර්ථක වූ නමුත් නෙරපීමකට ලක් නොවූ කුසල් ජනිත් පෙරේරා අර්ධ ශතකයක් ලබාගැනීමයි.