ත්රිරෝද රථ පණගන්වන ආකාරය යූ ටියුබ් තුළින් නරඹා, පානදුර රෝහල ඉදිරිපිට නවතා තබන ත්රිරෝද රථ සොරකම් කළ පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
රෝගීන් බැලීමට පැමිණෙන ත්රිරෝද රථ දිගින් දිගටම සොරකම් කරන බවට ලද පැමිණිලි මත සීසීටීවි කැමරා දර්ශන ගණනාවක් උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.හිමිකම් සහතිකය නොමැති ත්රිරෝද අලෙවි කිරීම සඳහා මුහුණු පොතේ පවත්වාගෙන යන පිටුවට ඡායාරූප යොදා සැකකරු විසින් විකුණන ලද ත්රිරෝද රථ ඇඹිලිපිටිය,
රත්නපුර ගාල්ල වැනි ප්රදේශවල තිබී ත්රිරෝද රථ හතරක් සොයාගෙන ඇති බවත්,අනෙක් ත්රීවිල් රථ සොයා විමර්ශන සිදුකරන බවත් වැටලීමට එක් වූ නිලධාරියෙක් කීය.සැකකරු අන්තර්ජාලයේ මුදල් යොදා සිදු කරන ක්රීඩාවන් වලට තදින් ඇබ්බැහිවී ඇති බවත්, එම මුදල් සොයා ගැනීම සඳහා ත්රිරෝද රථ සොරකම් සිදුකර ඇති බවත් පොලිසිය කීය. සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
සුමිත් පොතුපිටිය
0 Comments