zimbabwe-political-issues

සිම්බාබ්වේ විපක්ෂ ක්‍රියාකාරීයකු හරාරේ නගරයෙන් පිටත දේශපාලන ව්‍යාපාරයක් අතරතුර දී පැහැරගෙන ගොස් තිබූ සිදුවීමක් සෙනසුරාදා වාර්තාවී තිබීමෙන් පසු එම පුද්ගලයා මියගොස් ඇති බව වෙනස් කිරීමේ පුරවැසි සන්ධානය CCC (සීසීසී) වාර්ථා කරයි.  මෙය සති කිහිපයක් තුළ සිදු වූ දෙවන විරුද්ධ පක්ෂ සාමාජික පැහැර ගැනීමයි .

මෙසේ පැහැරගැනීමට ලක්ව ඇත්තේ Tapfumaneyi Masaya නම් අයෙකි. ඔහු දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට පෙර ප්‍රධාන විරුද්ධ පක්ෂය වන CCC හි අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදී සිට ඇත. එහිදී එම ස්ථානයට පැමිණි  නාඳුනන මිනිසුන් කිහිප දෙනෙක් විසින් Masaya මහතා පැහැරගෙන ඇති බව වාර්තා වේ.



CCC ප්‍රකාශක Promise Mkwananzi  පැවසුවේ Masayaට වධ හිංසා පමුණුවා හරාරේ ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවයි.

එසේ අතහැර දමා ගොස් තිබූ සිරුර පසුව මධ්‍යම හරාරේ සිට කිලෝමීටර 5 ක් පමණ දුරින් පිහිටි පරිරෙන්යාත්වා රෝහලේ මෘත ශරීරාගාරයක් වෙත ගෙන ගොස් තිබෙන අවස්ථාවේ CCC සාමාජිකයින් විසින් එය හඳුනා ගත් බව Mkwananzi පැවසීය.

සිම්බාබ්වේ යනු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ දේශපාලන ක්‍රියාකාරීන් මිය යාම පිළිබඳ දිගු ඉතිහාසයකට හිමිකම් කියන කලාපයකි.  විපක්ෂය විසින් මෙසේ එහි ක්‍රියාකාරීන්ට සිදු වන වධහිංසා පැමිණවීම් සහ මරණ සම්බන්ධයෙන් රටේ පාලක පක්ෂය වන ZANU-PF හට චෝදනා කරයි.

Masaya ගේ මෙම පැහැර ගැනීම සහ ඝාතනය සිදු වන්නේ CCC නීති සම්පාදක Takudzwa Ngadziore නමැත්තා  පැහැරගෙන ගොස් සති දෙකකට පසුව ය. Ngadziore මහතා එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේය.

Masaya සොයාගත් බව පැවසෙන ස්ථානය ආසන්නයේ තිබී තවත් මළ සිරුරක් සොයා ගැනීමත් සමග පරීක්ෂණයක් ආරම්භ කර ඇත.  නමුත් වින්දිතයාගේ අනන්‍යතාවය තවමත් තහවුරු කර නොමැති බව පොලිසිය පැවසීය.



"අපි පොලිසියෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ කාර්යය ඉටු කරන ලෙසත්, මෙම පැහැරගැනීම සිදු කළ සියලු දෙනා කඩිනමින් සහ ඵලදායී ලෙස නීතිය ඉදිරියට ගෙන එන ලෙසත්ය" යනුවෙන් Mkwananzi පැවසීය.

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා අගෝස්තු මාසයේදී දෙවන ධුර කාලය ලබා ගැනීමෙන් පසු නැවත මැතිවරණයක් ඉල්ලා සිටියි. CCC නායක නෙල්සන් චාමිසා විසින් මෙම ඡන්දය  “යෝධ  වංචාවක් ” යැයි ප්‍රකාශ කර ඇත.