පේරු හි හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි වසර 15කට වැඩි කාලයක් සිරගතව සිටි,  එරට අගනුවර සිර කදවුරෙන් නිදහස් කර තිබේ.
ඔහු ලීමා හී බාර්බැඩිලෝ බන්ධනාගාරයෙන් පිටව යන විට සිය ගණනක් ආධාරකරුවන් ඔහුගේ මෝටර් රථය වට කර ගත්හ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින්  85 හැවිරිදි ඔහුට,  වසර හයක ජනාධිපති සමාවක් නිකුත් කළේය.

ෆුජිමෝරි  යනු තනතුරේ සිටියදී දූෂණ හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සිරගතව සිටින අතිශයින් භේදකාරී චරිතයකි.

සමාව ලැබෙන අවස්ථාව වන විට හිටපු ජනාධිපතිවරයා වසර 25ක සිර දඬුවමක් විඳිමින් සිටියේය.



ෆුජිමෝරි මහතා මුහුණු ආවරණයක් පැළඳ පරිශ්‍රයෙන් පිටව ගියේය.

ඔහුගේ ආධාරකරුවන්ට, ඇල්බර්ටෝ ෆුජිමෝරි යනු ත්‍රස්තවාදයේ සහ ආර්ථික කඩාවැටීමේ ඝේදජනක අවස්ථාවන්ගෙන් පේරු බේරාගත් ජනාධිපතිවරයා වෙයි. ඔහුගේ විරුද්ධවාදීන්ට අනුව ඔහු , තම බලය රැක ගැනීම සඳහා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මත රළු වූ අත්තනෝමතික ක්‍රියා මෙහෙය වු ආඥාදායකයෙකි.

ජපන් සංක්‍රමණිකයින්ගේ පුත්‍රෙයකු වූ ෆුජිමෝරි මහතා , 1990 සිට 2000 දක්වා කාලය තුළ බලයේ සිටි පාලකයා විය

ඔහුගේ පාලන සමයේදී ප්‍රචණ්ඩකාරී කැරලි දෙකකට එරෙහිව ඔහු දියත් කළ  අධිකාරීවාදී ආන්ඩුව මර්දනයක ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලයන් 69,000ක් පමණ මිය ගියහ.

ඔහුගේ ජනාධිපති ධුර කාලය අවසන් වී වසර කිහිපයකට පසු, ෆුජිමෝරි මහතා අල්ලස් ගැනීම සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර, ඝාතක කල්ලි විසින් සිදු කරන ලද ඝාතන රැසකට අවසර දීම ඇතුළුව, ඔහුගේ නිල කාලය තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වසර 25 ක සිර දඬුවමකට යටත් විය.



2009 දී ඔහුට සිර දඬුවම් නියම වූ අතර, ඒ වන විට ඔහු 70 වන වියේ පසු වූවේය.  බොහෝ පේරු ජාතිකයන් විශ්වාස කළේ හිටපු ජනාධිපත්වරයා ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය බන්ධනාගාරයේ ගත කරනු ඇති බවයි.

නමුත් 2017 දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය ගැටලු නිසා ඔහුව බන්ධනාගාරයේ සිට රෝහලට ගෙන යන ලදී. ඔහු අඩු රුධිර පීඩනයකින් සහ අසාමාන්‍ය හෘද රිද්මයකින් පීඩා විඳිමින් සිටියේය.

ඔහුගේ අසනීපය සුව කළ නොහැකි බව වෛද්‍යවරුන් පැවසීමෙන් පසුව,   ජනාධිපති පේද්‍රෝ පැබ්ලෝ කුචින්ස්කි විසින් ෆුජිමෝරි මහතාට සමාව ලබා දෙන ලදී.